එළියට බහින්න අපට කලබලයක් නෑ, මේක රඟපෑමක් කියලා පේනවා නම් එහෙම හිතාගන්න – විමල් (VIDEO)

Date:

යුගදනවි ගිවිසුම සම්බන්ධ අදභූත කැබිනට් පත්‍රිකාවක් අනුමත වූ බවට කැබිනට් ලේකම්වරයා එවූ සටහන පිළිගැනීමට නොහැකි බවත් සිදු නොවුණු යමක් සිදුවුණේ යැයි කියන්නේ නම් එතැනදී කැබිනට් සාමුහික වගකීමට තමන්ගේ බැඳීමක් නොමැති බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

සාමුහික වගකීමට බැඳෙනවා සිද්ධ වෙච්ච දේකට. සිද්ධ නොවුණු දෙයක් සිද්ධ වුණා කියලා කියනකොට, එතකොට එතන සාමුහික වගකීමට බැඳිමක් නෑ. සිද්ධ වෙච්ච දෙයකට නම් අපි සාමුහික වගකීමට බැඳීමක් තියෙනවා ඇත්තටම, අපි එකඟ වුණත් නැතත් ඒ දේට. මෙතන කිසිම දෙයක් සිද්ධ නොවී අද්භූත පත්‍රිකාවක් අනුමත වුණා කියලා මිනිට්ස්වල ඊට පහුවෙනිදා තිබ්බයි කියලා අපට ඒක පිළිගන්න බෑ. එහෙම පිළිගන්නවා නම් මේ රටේ ජනතාවට අපි ආණ්ඩුව හදන්න කලින් කියපු කතා බොරු

ප්‍රශ්නය – ඔබතුමාලාට තවදුරටත් ආණ්ඩුවේ ඉන්න පුළුවන්ද, නැත්නම් වෙනම ගමනක් යන්න සූදානමක්ද මේ තියෙන්නෙ ?

ඒවා ඉතිං කලබල වෙන්න එපා අනේ. ඕගොල්ලොන්ට හරී වුවමනාවක් තියෙනවාද ඉක්මනට අපිව එළියට ගන්න ?

ප්‍රශ්නය – ඔය වගේ සාමුහික වගකීම කඩලා ප්‍රශ්න වෙලා තියෙනවානෙ ඉස්සර ?

හරි, හරි, හරී …. ප්‍රශ්න වුණා කියලා ප්‍රශ්නයක් නෑ

ප්‍රශ්නය – ඒ කියන්නෙ ඇමතිතුමා මෙතන රඟපෑමක්ද වෙන්නෙ ?

එහෙම පේනවා නම් එහෙම හිතාගන්න ඉතිං. අපි මොකද කරන්නෙ ?

විමල් වීරවංශ අමාත්‍යවරයා මේ බව පැවසුවේ පෙරේදා (17) කොළඹදී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාව න්‍යෂ්ටික හැකියාව ඇති මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව සිය හමුදා...

මහමොළකාරයා කවුද කියලා හැම ආණ්ඩුවකම අය දන්නවා. කාටවත් ඒක එළියේ කියන බැරිකම තමා තියෙන්නේ – මෛත්‍රී

සටහන - රුවන් නෙළුගොල්ල පාස්කු ප්‍රහාරයේ මහමොළකරු කවුද යන්න පිළිබඳව...

වැසි තත්වයේ වෙනසක් – අද (21) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, මධ්‍යම,...

රාජ්‍ය සේවකයන්ගේ පුහුණුව පිළිබඳ අධ්‍යනයකට විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවේ සිවිල් සේවා විද්‍යාලයට (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල රාජ්‍ය සේවකයන්ගේ පුහුණුව පිළිබඳ අධ්‍යනයක්...