අයිතියේ හඬට උත්තරේ රසායනික අවි ප්‍රහාර ද? නිර්මාණාත්මක විරෝධතාවය කොළඹ දී! (PHOTOS)

Date:

කොළඹ (LNW): අයිතියේ හඬට උත්තරේ රසායනික අවි ප්‍රහාර ද? නිර්මාණාත්මක විරෝධතාවය මැයෙන් ප්‍රසාංගික විරෝධතාවයක් අද (14) සවස කොළඹ ටොරිංටන් නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ දී පැවැත්විනි.

කෙසේ වෙතත් පොලීසිය විසින් අද දින නිදහස් චතුරශ්‍රයට ඇතුලුවන ස්ථාන දෙකම වසා දමා තිබෙනු දක්නට ලැබුනු අතර විරෝධතා කරුවන් නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ ඩී.එස්. සේනානායක පිළිරුව ඉදිරිපිට දී එම ප්‍රසාංගික විරෝධතාවය පැවැත්වීමට සූදානම් වීමේදී පොලීසිය සහ නිදහස් චතුරශ්‍ර පාලනාධිකාරිය විසින් එම ස්ථානයේ විරෝධතාවය නොපවත්වන ලෙසත් එම පරිශ්‍රයේම ඉදිරිපිට ස්ථානයක පවත්වන ලෙසට අවසර දුන් හෙයින් එම ස්ථානයේ දී විරෝධතාකරුවන් ප්‍රසාංගික විරෝධතාවය පැවැත්වීය.

මෙම විරෝධතාවය දේශපාලන සංවිධාන, සිවිල් සංවිධාන, කලා සංවිධාන, බහුජන සංවිධාන ඇතුලු සංවිධාන වල සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විනි.

මෙහිදී ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන ලෙසත් මර්දනය නතර කරන ලෙසත් ඇතුලු ඉල්ලීම් ගණනාවක් ඇතුලත් පෙත්සමකට පැමිණ සිටි පිරිසගෙන් අත්සන් ලබා ගැනීමක් ද සිදු කෙරුනි.

ඡායාරූප: අජිත් සෙනෙවිරත්න


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...