ජීවත් වීමේ අයිතිය රැකගැනීමේ සටනකයි අපි ඉන්නේ – විදුලි ඉංජිනේරුවෝ (VIDEO)

Date:

බදු පනතට එරෙහිව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ඇතුළු වෘත්ති සමිති ඒකාබද්ධව ක්‍රියාත්මක කර තිබෙන ජාතික වැඩවර්ජනයට සහය දෙමින් ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති 30ක පමණ ප්‍රමාණයක් ලෙඩ නිවාඩු වාර්තා කරමින් ඊට සහය දෙමින් සිටින බව විදුලි ඉංජිනේරු සංගමය පවසයි.

එහි සමලේකම් බුද්ධික විජේවර්ධන මහතා පැවසුවේ විදුලි ඉංජිනේරුවන් ඊයේ දින සිට දින 07ක් අකුටර වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ද ගෙන තිබෙන බවයි.

මේ මොහොත වන විට ජීවත් වීමේ අයිතිය ආරක්ෂා කරගැනීමේ සටනක නිරත වන අතර බුද්ධිගලනය වළක්වා ගැනීමේ සටනකද නිරත වීමට සිදුව තිබෙන බවයි විජේවර්ධන මහතා පැවසුවේ.

වෘත්තීය ක්‍රියා මාර්ග ගෙන තිබුණද සුපුරුදු ලෙස විදුලිය ලබා දීමේ කටයුතු සිදුවන නමුත් හදිසි බිඳවැටීමකදී එය යථාවත් කිරීමට යම් කාලයක් බව හෙතෙම සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...