පුටින්ට මරියුපෝල් නැවත ගොඩනැගිය හැක නමුත් මළවුන් කැඳවිය නොහැක

Date:

යුක්රේන ආක්‍රමණයෙන් වසරක් ඉක්මගිය තැන රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඊයේ(19)දිනයේදී යුක්රේනියානු වරායක් වන මාරියෝපෝල්හි හදිසි සංචාරයක නිරත වූ බව රුසියානු මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙය අලුතින් අත්පත් කරගත් යුක්රේන භූමියකට ඔහුගේ පළමු සංචාරය ලෙස සැලකේ. කෙසේ නමුත් ඒ වෙනුවෙන් ඔහුට වසරක්ම බලා සිටින්නට සිදුවිය.

මේ සම්බන්ධයෙන් මරියුපෝල්හි සිට පිටුවහල් කරන ලද නගරාධිපති Vadym Boychenko ප්‍රකාශ කර තිබුණේ අපරාධය සිදු වූ තැනට අපරාධකරු පැමිණි බවයි.

රුසියාව විසින් නිකුත්කරන ලද වීඩියෝ වල රුසියාවේ නියෝජ්‍ය අගමැති මරාට් කුස්නුලින් සමඟ මෝටර් රථයේ සිටින අතර ඔහු නගරය නැවත ගොඩනඟන ආකාරය පැහැදිලි කරනු දක්නට ලැබේ. මෙහිදී පුටින් අවසානයේ යටත් වීමට පෙර යුක්රේන හමුදා රැඳී සිටි දැවැන්ත කාර්මික සංකීර්ණයක් වන Azovstal යකඩ හා වානේ කම්හල හා ආරක්ෂකයින්ගේ නඩු විභාග සඳහා භාවිතා කරන ලද Philharmonic ශාලාව ද නරඹා තිබිණ.

මරියුපෝල් මාස 10කට වැඩි කාලයක් රුසියානු ආක්‍රමණය යටතේ පවතින අතර ආයුධ සන්නද්ධ ගැයුම් ඇති වූ ප්‍රධාන නගරයකි.

එහිදී 20,000කට අධික පිරිසක් මිය ගිය බව යුක්රේනය පවසයි. මෙහි සාමාන්‍ය වශයෙන් ලක්ෂ තුනක් පමණ පිරිසක් මෙහි ජීවත්ව සිට ඇති අතර විනාශයට පත් නගරය නැවත පිළිසකකර කිරීමට රුසියන් ජනාධිපතිවරයා සැරසෙන බව සඳහන් වේ. එනම්, එහි නව රුසියානු කලා පාසලක්, ළමා ගිම්හාන කඳවුරක් සහ නව රුසියාවේ කෞතුකාගාරය සහ ක්‍රිස්තියානි කෞතුකාගාරයක් වැනි අංග නිර්මාණය කරනු ඇති බවට රුසියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ මහා ජන හඬ අවසන් – නොදුටු දසුන් මෙන්න! (PHOTOS)

කොළඹ LNW:විපක්ෂයේ පක්ෂ කිහිපයක එකතුවෙන් අද (21) නුගේගොඩදී ''මහා...

හිරගෙවල් දහයක දැම්මත් සටන අරඹනවා – නුගේගොඩදී හරීන් කියයි

කොළඹ LNW:හිරගෙවල් දහසක දැම්මද ආණ්ඩුව පෙරළා දැමීමේ සටන අදින්...

මාලිමාව සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය...