අන්තරේ වසන්ත යළි වැලිකඩට!(VIDEO)

0
1540

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද (22) වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණ තිබුණා.

ඒ, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සමඟ වූ විශේෂ සාකච්ජාවකටයි.

මේ වන විට බන්ධනාගාරගතව සිටින විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ගේ සුභසාධන කටයුතු සම්බන්ධයෙන් ඔහු එහිදී සාකච්ජා කළ බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ.

මේ අතර එළඹෙන 28 වැනිදා සිට 31 වැනිදා දක්වා පවතින රතික අර්බුද ඇතුළු කරුණු සම්බන්ධයෙන් රට පුරා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීමට කටයුතු යොදා තිබෙන බවද ඔහු කියාසිටියා.

ASK