අද ආරම්භ වූ “Crafting Ceylon”

සටහන – රෂිකා හෙන්නායක

අද ( 23) දින ජාතික ශිල්ප සභාව විසින් සංවිධානය කරන ලද “Crafting Ceylon” අපනයන අභිමුඛ නිර්මාණ සංවර්ධන වැඩසටහනේ සමාරම්භක අවස්ථාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වූ අතර, ඒ ශ්‍රී ලාංකික හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිෂ්පාදන සඳහා විදේශීය වෙ‍ළෙඳපොළ අවස්ථා ලබාදීම වෙනුවෙන් සංවිධානය කළ වැඩසටහනකි.

ජාතික ශිල්ප සභාව විසින් මෙම වැඩසටහන ආරම්භ කර ඇති මෙය කර්මාන්ත අමාත්‍යාංශ‍යේ සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ සිදුවේ.

දිවයින පුරා විසිරී සිටින හස්ත කර්මාන්ත ශිල්පීන් දිස්ත්‍රික් මට්ටමින් ඒකරාශී කර අපනයනය සඳහා නිෂ්පාදනය කළ යුතු හස්ත කර්මාන්ත පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් ද මෙයට සමගාමීව සංවිධානය කර ඇත.

එහිදී දිස්ත්‍රික්ක 25ම නියෝජනය කරමින් එක්වී සිටි ශිල්පීන් විසින් සකස් කරන ලද නිර්මාණ 2,214ක් අතරින් විශිෂ්ට ශිල්පීන් සිය දෙනෙකුගේ නිර්මාණ 546ක් ජාතික විනිශ්චය මණ්ඩලය විසින් තෝරාගෙන ඇති අතර , එසේ තෝරාගත් හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිර්මාණ ඇගයීමට ලක් කරමින් ඔවුන්ට සංකේතාත්මකව සම්මාන පිරිනැමීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.

මීට අමතරව හස්ත කර්මාන්ත ක්ෂේත්‍රය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ ආයතන දෙකකට විශේෂ සමරු තිළිණ දෙකක් ප්‍රදානය කළ ජනාධිපතිවරයා, තෝරාගත් නිර්මාණ නිරීක්ෂණය කිරීමට ද එක්විය.

වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්
මෙරට හස්ත කර්මාන්ත ශිල්පීන් දිරිමත් කිරීම වෙනුවෙන් විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් එක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ද විශේෂ සමරු තිළිණයක් පිරිනැමීම සිදුවිය.

මෙලෙස තෝරාගත් නිර්මාණ අගට කිරීම සහ වටිනාකමක් පිරිනැමීම සඳහා ක්ෂේත්‍රයේ නියැලෙන දේශීය හා විදේශීය ගැනුම්කරුවන්, ආනයනකරුවන්, ගෘහ නිර්මාණ ශිල්පීන්, හෝටල් ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ගේ සහභාගීත්වයෙන් තෝරාගත් විශිෂ්ට ශිල්පීන් සමග ව්‍යාපාරික හමුවක් සහ මහජන ප්‍රදර්ශනයක් අද (23) සහ හෙට (24) යන දෙදින තුළ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා ‘සෆායා බැන්කට්’හිදී පැවැත්වීමට සියල්ල සූදානම් කර ඇති බව පවසයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...