ස්පාඤ්ඤයේ වැලෙන්සියා ප්‍රදේශයේ ලැව්ගිණි තත්වයක්; 1500කට අධික පිරිසක් ඉවත් කෙරේ

Date:

ස්පාඤ්ඤයේ වසරේ ප්‍රධාන ලැව්ගින්න වැලෙන්සියා ප්‍රදේශයේ ඇති වී ඇති අතර ගින්න හේතුවෙන් 1500කට් අධික පිරිසක් නැගෙනහිර වැලෙන්සියා ප්‍රදෙශයෙන් ඉවත් කර තිබේ.

ලැව්ගින්න හේතුවෙන් වර්ග කිලෝමීටර් 30 (වර්ග සැතපුම් 11.5)කට වඩා වැඩි වනාන්තරයක් විනාශ වී ඇති අතර ගුවන් යානා සහ හෙලිකොප්ටර් යානා 18ක සහය ඇතිව ගිනි නිවන භටයන් 500කට වැඩි පිරිසක් රාත්‍රිය පුරා සහ සිකුරාදා විලානුවා ඩි විවර් ගම්මානය අසල ඇති වූ ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර තිබිණි.

රෝපීය සංගමයේ කොපර්නිකස් පෘථිවි නිරීක්ෂණ වලට අනුව මෙම වසරේ ලැව්ගිනි 493 පමණ ඇතිවනු ඇතැයි අපේක්ෂා කරන අතර යුරෝපා කොමිසම විසින් කරන ලද පරීක්ෂණයකට අනුව පවතිනු ඇතැයි සැළකෙන වියලි කාලගුණය හේතුවෙන් දකුණු ස්පාඤ්ඤය, ප්‍රංශය, අයර්ලන්තය, බ්‍රිතාන්‍ය, උතුරු ඉතාලිය, ග්‍රීසිය සහ නැගෙනහිර යුරෝපයේ සමහර කොටස් සඳහා නියඟ පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව වාර්තා වේ.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපදය විසින් සපයන ලද දිගු දුර මිසයිල රුසියාවට එරෙහිව භාවිතා නොකළ යුතු බවට පෙන්ටගනය නිවේදනය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 24: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ ඉලක්ක වෙත...

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට කාර්ය සාධක බලකායක්. වසර දෙකක ඉලක්කයක්!

කොළඹ LNW:සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ජනාධිපති කාර්යය සාධක බලකායක්...

තැපැල් වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 24, කොළඹ LNW: අද (24) අමාත්‍යවරයා සමග...

පකිස්ථාන විදේශ අමාත්‍යවරයා සහ බංග්ලාදේශ නිලධාරීන් අතර සාකච්ඡා

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පකිස්ථාන විදේශ අමාත්‍යවරයා...