සටහන – රෂිකා හෙන්නායක
පසුගිය වසර කිහිපය තුළ සිදුවූ ඇතැම් ක්‍රියාදාමයන් වල ප්‍රථිඵල අදටත් බලපාන බව මහාචාර්ය බුද්ධි මාරඹේ පවසයි. 2022 හාල් ආනයනයට ඩොලර් මිලියන 250 ක් වියදම් කර ඇති බවත් එම මුදලින් ඡන්ද 08ක් පවත්වන්නට තිබූ බවත් ඔහු පවසයි.
” 2019 වසරේ ආනයන කළ සහල් ප්‍රමාණය මෙට්‍රික් මෙට්‍රික් ටොන් 22000 පමණ ප්‍රමාණයක්. 2020 වසරේ එය 14000 – 15000 ක් අතර ප්‍රමාණයකට අඩුවෙලා තියෙනවා.
නමුත් 2021 වසරේ අවසාන භාගය වනවිට රටේ පන නැගුනු සන්කූලතාවයක් නිසා 2021 මැයි මාසේ 06 වනදා ගැසට් නිවේදනයක් මගින් සම්පුර්ණයෙන් නෛතිකව කෘෂි රසායන ගෙන්වන එක තහනම් කරන්න තීරණය කල නිසා රටේ සහල් හිගයක් ඇතිවෙන බව දැන ගෙන සිටි නිසා සහල් මෙට්‍රික් ටොන් 147,000 කට මදක් වැඩි වූ ප්‍රමාණයක් ආනයනය කළා. ඒ අනුව රුපියල් බිලියන 87 ක් පමණ වටිනා සහල් මෙට්‍රික් ටොන් 783, 000 ක් ආනයනය කලා 2022 වසරේ. මෙය කිසිසේත් ආඩම්බර වියයුතු දෙයක් නෙවෙයි.
අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තුළින් යම්කිසි මුදලක් ලැබෙනවා. එය වාරික නොව කාණ්ඩ 08 කින් වසර 4 පුරාවට . එහි මූලික යෙදවුම ඩොලර් මිලියන 333 ක් වගේ ප්‍රමාණයක් කියලා අපි දන්නේ. ඔබ දන්නවාද මෙම මුදල ඩොලර් වලට හැරවුවහොත් , වර්තමාන මුදලින් ඩොලර් මිලියන 250 ක පමණ ප්‍රමාණයක් එම සහල් වෙනුවෙන් පමණක් වියදම් කරලා තියෙනවා 2022 වසරේ “