“කිරිත් නැති, කැකිරිත් නැති” වත්තල ළමයින්ට නෙළුම් යායෙන් තවත් එක් ප්‍රදානයක්!

Date:

වත්තල, මාබෝල, වැලිකඩමුල්ල ශ්‍රී සිද්ධාර්ථ මහා විද්‍යාලයේ අඩු ආදායම්ලාභී දරුවන් සඳහා පාසල් බෑග් 110ක් පරිත්‍යාග කිරීමේ උත්සවයක් අද දින (26) නෙළුම් යාය පදනම ඔස්සේ සංවිධානය කර තිබුණි.

මෙම කටයුත්ත සාක්ෂාත් කර ගැනීමට ඇප කැප වූ අයට අපගේ හඳ පිරි ස්තූතිය පිරිනමන අතර නැවත නැවතත් පූදින්නට වෙර දරණ මල් කැකුළු වල ගුණාත්මක අධ්‍යාපන සංවර්ධනය අපේක්ෂා කරමින් දුෂ්කරතා සහිත දරුවන් වෙනුවෙන් ලංකාව පුරා මෙය රැගෙන යාමට අපි ඇප කැප වන්නෙමු.

මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයන ලද්දේ (Colombo International Container Terminals) ප්‍රධාන විධායක නිලධාරී Jack Huang සහ දිනේෂ් වීරක්කොඩි පදනම (Dinesh Weerakkody Foundation) විසිනි.  

වල් වැදුණු පිට්ටනියෙහි අයිතිය රැඟත් මේ පාසලෙහි මුලු සිසු සිසුවියන් ගණන 187 කි. ඔවුන්ට ගුරුහරුකම් දීමට සිටින ගුරුභවතුන් 13 කි. අනාගත ලෝකය දකින්න වෙහෙසෙන මොවුන්ගේ පාසලෙහි ඉංග්‍රීසි භාෂාව,ICT සහ විද්‍යාව යන විෂයයන් ඉගැන්වීමට කිසිඳු ගුරුවරයෙක් නොමැති වීම කණගාටුවට කරුණකි. ලංකාවේ මේ සම්බන්ධයෙන් වඟකිවයුත්තන් ගේ අවධානය ද මේ අවස්තාවේ දී අපි බලාපොරොත්තු වෙමු.

ඉදින්, ඔවුනට සරණක් වන්නට හිතැති ඔබට ද අප හා අත්වැල් පවුරු බැඳ ගත හැක. එවිට ඔවුන්ගේ සතුටු මුහුණු අපට මෙන්ම ඔබට ද දැකිය හැකිවනු ඇත.

[email protected] ඔස්සේ අප හා සම්බන්ධ වන්න.

මෙය නෙළුම් යාය පදනමෙහි තවත් එක් සමාජ සත්කාරයක්!

ඡායාරූප: ධනංජය සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔබත් කාර්‍යබහුල අයෙක් නම් …මේ සරළ ආහාර ක්‍රම ඔබටමයි…

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ LNW : විනාඩි දහයකට අඩු...

අපිට ඕනේ රජය ප්‍රබල ආයෝජකයෙක් ලෙස ස්ථාවර කරන්න – ලාල්කාන්ත

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජය ප්‍රබල ආයෝජකයෙක් ස්ථාවර කිරීමේ අවශ්‍යතාව...

පලස්තීන මාධ්‍යවේදී Bisan Owdaට ටික්ටොක් තහනමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ...

වසර අටකට පසු බ්‍රිතාන්‍යයේ අගමැති චීනයට!

කොළඹ LNW:බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Keir Starmer මහතා ඊයේ (28) බෙයිජිං...