උතුරු කොරියාව විසින් මෙම මාසය තුළ හත්වන මිසයිලයද අත්හදා බලයි

සටහන – සශිකලා මධුෂාණී

එක්සත් ජනපදය සහ දකුණු කොරියාව ඒකාබද්ධ හමුදා අභ්‍යාසවලට විරෝධය පළ කිරීම වෙනුවෙන් උතුරු කොරියාව සිය නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදට බැලස්ටික් මිසයිල දෙකක් එල්ල කර ඇති බව දකුණු කොරියානු ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන් තහවුරු කර තිබේ.

මෙලෙස බැලස්ටික් මිසයිල දියත් කිරීම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ යෝජනා උල්ලංඝණය කිරීමක් ලෙස හෙළා දුටු දකුණු කොරියානු ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන් සිය අභ්‍යාස දිගටම කරගෙන යන බවට ප්‍රකාශ කර ඇත. දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ එක්සත් ජනපද ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් වන USS Nimitz එහි ගමන් කරන ප්‍රහාරක කණ්ඩායමේ සමඟ අපේක්ෂිත හමුදා අභ්‍යාස දිගටම සිදු කරන බවයි.

උතුරු කොරියාව විසින් මෙම යුධ අභ්‍යාස කලාපීය ආරක්ෂාවට බරපතල තර්ජනයක් බවත්, මෙය ආක්‍රමණයක් සහ වාඩිලාගැනීමක් සඳහා පෙරහුරුවක් බව පවසමින්, මෙම අභ්‍යාස නවතා දමන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් පවා ඉල්ලා සිටි මුත් වොෂින්ටනය සහ සෝල් පවසන්නේ ඒවා ස්වභාවයෙන්ම ආරක්ෂක බවයි.

මේ සම්බන්ධයෙන් දැඩි විරෝධය පල කරමින් ජපානය ප්‍රකාශ කර තිබුණේ මෙලෙස හිතුමතේ මිසයිල දියත් කිරීම ජපානයේ, කලාපයේ සහ ජාත්‍යන්තර ප්‍රජාවේ ආරක්ෂාවට සහ සාමයට තර්ජනයක් වන බවයි.


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාගම්වලට කැමති මිලකට තෙල් විකුණන්න පුළුවන් – තෙල් සංස්ථා සභාපති

සටහන - රුවන් නෙළුගොල්ල මෙරට ඉන්ධන අලෙවියේ නියුතු ලංකා IOC,...

අල්ලස් ගත් බන්ධනාගාර සහකාර අධිකාරීවරයෙක් බන්ධනාගාරය තුළදීම අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ත්‍රිකුණාමලය රිමාන්ඩ් බන්ධනාගාරයේ සහකාර අධිකාරිවරයා අල්ලස්...

කහඳගම අපේ කෙනෙක් නෙවෙයි. අහන්න වාසුදේවගෙන් – පොහොට්ටු ලේකම්

සටහන - රුවන් නෙළුගොල්ල අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත්වූ කොළඹ...