‘හරක් කටාගේ’ ආයුධ සහකරු ‘ආමි සනත්’ අත්අඩංගුවට!

ඉසුරු පරාක්‍රම

කොළඹ (LNW): ආමි සනත් යන අන්වර්ත නාමයෙන් පෙනී සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අහංගම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙව්.

මෙම තැනැත්තා දැනට අත්අඩංගුවේ පසුවන පාතාල සාමාජිකයකු වන නඳුන් චින්තක හෙවත් හරක් කටාගේ ආයුධ සහකරු බවට විශ්වාස කෙරෙන බවයි විමර්ශන පවසන්නේ.

ආමි සනත් නැමැත්තා මෙරට සිදුකළ අපරාධ දාමයකටම සම්බන්ධ පුද්ගලයකු බවට පැවසෙන අතර, ඔහු විසින් හරක් කටාගේ පාතාල සහ මත්ද්‍රව්‍ය ජාලය පවත්වා ගෙන ගිය බවට සඳහන්.

සැකකරු අත්අඩංගුවට ගන්නා විට ඔහු සතුව තිබී හෙරෝයින් ග්‍රෑම් 15 ක් සොයාගෙන ඇති බව වාර්තා වේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ විමර්ශනවලට අනුව, ආමි සනත් නැමැත්තා පසුගිය කාලසීමාව තුළ හටගත් අපරාධවලදී සිදුවූ වෙඩිතැබීම් සඳහා භාවිතා කළ ආයුධ හරක් කටාගේ උපදෙස් පරිදි ලබා දී ඇති අතර, අපරාධ සිදුකිරීමෙන් අනතුරුව ඒවා සුද්ධ කර වෙනත් පාර්ශව වෙත භාර දීමට කටයුතු කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සෞඛ්‍ය සේවය තවත් ශක්තිමත් කරමින් නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056කට පත්වීම්!

කොළඹ LNW:නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 දෙනෙකු සඳහා...

පාසල් පෝෂණ වැඩසටහනට රු.මිලියන 33,600ක්!

කොළඹ LNW:පාසල් පෝෂණ වැඩසටහන සඳහා 2026 වසර වෙනුවෙන් රුපියල්...

බැංකොක්හි වීදි ජලය පිරුණු වැව් බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: තායිලන්තයේ අගනුවර...