දේශබන්දුගේ රිට් පෙත්සම නිෂ්ප්‍රභා වෙයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අභියාචනාධිකරණය අද නියෝග කළේ ගාලුමුවදොර ගෝඨා ගෝ ගම අරගලයට පහරදීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කෙරුණු රිට් පෙත්සමක් ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභා කිරීමටයි.

එම නියෝගය නිකුත් කළේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි .

මෙම පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මතු කළ මූලික විරෝධතාවක් පිළිගනිමින් අභියාචනාධිකරණය මෙම තීන්දුව ලබාදී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රශ්මිකාගේ ශ්‍රී ලංකා සංචාරය, ඇගේ විවාහයේ bachelorette පාර්ටියට ද?

සටහන – පුලී දෙසැම්බර් 17, කොළඹ (LNW):  The Animal මෙන්ම මෑත...

ලයනල් මෙසීගේ වම් පාදය ඩොලර් මිලියන 900ක් වටින බව ඔබ දන්නවාද ?

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ආජන්ටිනාවේ...

ශ්‍රී ලංකාවේ එකම සහ පළමු ටෙස්ට් නායිකාව ක්‍රිකට් තේරීම් කමිටුවට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නම්...