ඉන්ධන බෙදාහැරීම සාමාන්‍ය පරිදි – තදබදය අද සවස් වෙද්දී යථා තත්වයට! (VIDEO)

0
659

ඛනිජ තෙල් නීතිගත සංස්ථා සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් ඉන්ධන සැපයුම අඩාල වුවද අද උදෑසන 06.00 වන විට සාමාන්‍ය අතට පත්වූ බව ලංකා ඛනිජතෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය සම ලේකම් ශාන්ත සිල්වා මහතා පැවසුවේය.

ඊයේ සවස් කාලයේදී යා යුතුව තිබුණු බවුසර් රථ වල යම් ප්‍රමාදයක් සිදුවුවද අද දිනය වන විට පිරවුම්හල් වෙත රථ පිටවන බවයි සිල්වා මහතා සඳහන් කළේ.

වැඩවර්ජනය ප්‍රකාශ වීමත් සමඟ ඊයේ සවස් කාලයේදී ඉන්ධන ලබා ගැනීම සඳහා පැවති තදබදය අද සවස් කාලය හෙට උදෑසන වන විට සම්පූර්ණයෙන් පහව යන බව ප්‍රකාශ කළ හැකි බවයි ඔහු වැඩිදුරටත් කියාසිටියේ.

ආශිකා බ්‍රාහ්මණ