ආනයනික බිත්තර සඳහා වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අනුමැතිය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ආනයනික ඉන්දීය බිත්තරවලට සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමි වි ඇති අතර , අදාළ වාර්තාව අද වෙළෙඳ අමාත්‍යංශය වෙත යොමු කරන බවකෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා සඳහන් කරයි. වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසූවේ ආනයනික බිත්තර සඳහා වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අනුමැතිය ද හිමි වු බවයි .බිත්තරයක් රුපියල් 35ක මිලකට බිත්තර ආශ්‍රිත කර්මාන්තශාලා වෙත පමණක් නිකුත් කිරීමට තීරණය කර ඇති බවත් එම කටයුතු කඩිනමින් ආරම්භ කරන බව ත් අමාත්‍යවරයා සඳහන් කළේ ය. වෙළෙඳ අමාත්‍යාංශය ඉන්දියාවෙන් බිත්තර මිලියන 02ක් පසුගිය දා මෙරටට ආනයනය කිරිමට පියවර ගැනුණේ, වෙළෙඳපොළේ බිත්තර මිල පාලනයට සහ බිත්තර හිඟයට පිළියම් ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමගි ජන බලවේගයට වසර 6යි. කතරගම කිරිවෙහෙරේ ආශිර්වාද පින්කමක්

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගයේ 6 වැනි සංවත්සරය...

ශ්‍රමික ප්‍රේෂණ, සංචාරක පැමිණීම් සහ මහ බැංකුවේ මැදිහත් වීම්

විදේශ අංශය දෙස බලද්දී වසරේ ආරම්භය නරක නැහැ. ජනවාරි...

ඉස්සෙල්ලා බලන්න ඕනෙ ඡන්දෙට එන්න හීන දකින මනමාලයා තව මාස කීයක් එළියෙ ඉඳියිද කියලා – ඇමති නලින්ද

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණය තමන්ගේ වගකීම ඉතාම ඉහළින්ම ඉටුකරන...

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...