සංචාරක ආදායම ඉහළට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ , පෙබරවාරි මාසයේදී මෙරටට ලැබුණු සංචාරක ඉපයීම් අමෙරිකානු ඩොලර් මිලියන 170ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. එය පසුගිය වසරට සාපේක්ෂව 0.3% ක වර්ධනයකි. 2022 වසරේ පෙබරවාරි මාසයේදී මෙරටට ලැබී ඇති සංචාරක ඉපයීම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 169කි.

2023 පෙබරවාරි මාසයේදී මෙරටට සංචාරකයින් 107,639යෙකු පැමිණ තිබෙනවා. ජනවාරි මාසයේදී පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 102,545ක්. 2022 වසරේ පෙබරවාරි මාසයේදී මෙරටට පැමිණ තිබුණේ සංචාරකයින් 96,507ක් පමණයි. මේ වසරේ පෙබරවාරි මාසයේදී මෙරටට පැමිණි සංචාරකයින්ගෙන් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ රුසියාව, ඉන්දියාව, බ්‍රිතාන්‍යය, ජර්මනිය හා ප්‍රංශයෙන්.

2022 වසරේ ජනවාරි, පෙබරවාරි මාසවලදී සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් මිලියන 321ක් මෙරටට ලැබී තිබුණා. මේ වසරේ එම මාස දෙකේදී මෙරටට ලැබී ඇති සංචාරක ඉපයීම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 332ක්.

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ 2023 වසරේ පෙබරවාරි මාසයේදී මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 407ක විදෙස් ශ්‍රමික ප්‍රේෂණ මෙරටට ලැබුණු බවයි. ඒ අනුව මෙරටට ලැබෙන විදෙස් ප්‍රේෂණ සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිනා සාගරයක ඔබ කිමිඳවන අපූරු වීඳි නිර්මාණ කිහිපයක් අදත් LNW තුළින්!

සටහන – පුලී දෙසැම්බර් 20, කොළඹ (LNW):  අහඹු හාස්‍යයේ සිට ප්‍රවේශමෙන්...

2026 දී BOI නව ගමනක!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : 2026 වසරේදී,...

එළවළු මිල සීඝ්‍ර ලෙස ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : පසුගිය දා සිදු...

පව් අනිත් පිටවල්වලත් බැදීමට ප්‍රමෝදය සූදානම් වෙයි…

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ශාරිරික යෝග්‍යතාවය වැනි කරුණු...