හිතුවක්කාර සිනමාවේදී
” කලං ඔබත් යන්නම ගිහින් “

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සම්මානනීය ජේෂ්ඨ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රංගධර අමරසිරි කලංසූරිය අද දින අභාවප්‍රාප්ත වූවේය. මියයනවිට එතුමා 82 වන වියේ පසුවිය . සිංහල සිනමාවේ වෙනස්ම ආකාරයේ පෙම්වතා යන වචනයට නව අරුතක් එක් කරමින් පැවති සම්ප්‍රදාය කණපිට පෙරළු නළුවෙකි.

1969 වසරේ “රැයක් දවාලත්” චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඔහු “හන්තානෙ කතාව”, “අක්කර පහ”, “නිම් වළල්ල” යන චිත්‍රපටවල රඟපෑ අතර “අහස් ගව්ව” චිත්‍රපටයේ රංගනයෙන් ඉතා ජනප්‍රියත්වයට පත් විය.

“බඹරු ඇවිත්” හි සනත්,
“පොඩි මල්ලි” හි බර්ටි,
“අනූපමා” හි රජී අයියා,
“අපේක්ෂා” හි නිමල්,
“පරිත්‍යාගය” හි ධානප්‍රේම,
“සිංහබාහු” හි සිංහබාහු,
“යස ඉසුරු” හි සුරංග,
“පෙම් රජ දහන” හි සාජන්ට් ජයතිලක
“වජිරා” හි නිමල්

ඔහු සදාකාලික මතකයන් එක් කරමින් චිත්‍රපටවලින් ඉහළම ජනප්‍රියත්වයට පත් චිත්‍රපට චරිත ශ්‍රී ලාංකික හදවතේ ගැඹුරේ ඇත.

” පූජා” චිත්‍රපටයේ ගීතා කාන්ති ජයකොඩිගේ සහෝදරයා නොහොත් ජෝ අබේවික්‍රමයන්ගේ පුතු ලෙස ඔහු රංගනය කළ අනුවේදනීය චරිතය ද අද්විතීය වේ. පසුකාලීනව ද “කේසරා” වැනි චිත්‍රපට කිහිපයක ඔහුගේ වැඩිහිටි රංගනයන් දක්නට ලැබුණේය. “හිතුවක්කාර තාරුණ්‍යයේ හැත්තෑවේ දාංගලය” නමින් විරුදාවලී ලත් ඔහු 1983 වසරේ ශ්‍රී ලංකාවේ මුල්ම ටෙලි නාට්‍යය වන “දිමුතු මුතු” හි ජයසේනගේ චරිතයෙන් මෙරට ප්‍රථම ටෙලි නාට්‍ය නළුවා ලෙස ඉතිහාස ගත වූවේය. ඔහු සිසිල් ගුණසේකරගේ “ගුවන් කරණම්” වේදිකා නාට්‍යයේ ද රඟපා ඇත.

දීපශිකා, සරසවිය,
ජනාධිපති,
ස්වර්ණ සංඛ
සිග්නීස්

සම්මානලාභියෙකු වන කලංසූරිය මහතා 2004 වසරේ සිග්නීස් සම්මාන උළෙලේ යාවජීව ගෞරව සම්මානය පිරිනැමුණු අතර මේ වසරේ දෙරණ සම්මාන උළෙලේදී ද ඔහු ජීවිතයේ එක් වරක් පමණක් පිදෙන යාවජීව සම්මානයෙන් පිදුම් ලැබුවේය.

කොළඹ සරසවිය, රුහුණු සරසවිය සහ පේරාදෙණිය සරසවිය ආදියෙන්ද විශේෂ ඇගයීම් කලංසූරිය මහතා වෙනුවෙන් පුද කර ඇති අතර 2018 වසරේ ජනවාරි 14 වන දින ඔහු බොදු සිසු විරාජමානී ගෞරව සම්මානයෙන් පිදුම් ලද්දේය.

අප සැමගේ ආදරය දිනූ ඔහුගේ පුත් දුමින්ද කලංසූරිය දක්ෂ ඡායාරූප ශිල්පියෙකි. තම පියාගේ නිහතමානී ගුණාංගය එළෙසින්ම ඔහුට පිහිටා ඇති බව කවුරුත් දනී.

ආදරණීය අමරසිරි කලංසූරිය සිනමාවේදියාණෙනි,

ඔබ‍ට සුබ ගමන්……..!!

LNW අපගේ කාර්‍යමණ්ඩයේ කණගාටුව මෙයින් දන්වා සිටිමු….

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...

රට වනසන ගල් අඟුරු මාෆියාවට එරෙහිව කොළඹදී විරෝධතාවක්! (PHOTO STORY)

කොළඹ LNW:පුනරුදය සඳහා අඩු මිලට ස්වභාවික බලශක්ති රැකගැනීම වෙනුවෙන්...

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති යළි රිමාන්ඩ්

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු...

City of Dreams Sri Lanka හි මහා විවෘත කිරීමේ උත්සවයට කින්ග් ඛාන් පැමිණේ ද?

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW):බොලිවුඩයේ කින්ග් ඛාන් 2025...