ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විශේෂ රැස්වීමක්

0
528

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. එම විශේෂ රැස්වීම පැවැත්වෙන්නේ, අද පෙරවරු 10.00 ට කතානායක නිල නිවසේදී මේ වනවිට පැවැත්වේ.

ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම ඇතුළු කරුණු ගණනාවක් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

ජාතික විගණන කොමිසමේ සාමාජිකත්වය සඳහා ඉදිරිපත් වී ඇති අයැදුම්පත් අතරින් සුදුසු පුද්ගලයින් තෝරා ගැනීම මේ වනවිට අවසන් කර ඇති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහන් කරයි.