පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටුවී නෑ – අගරදගුරු රංජිත් මැල්කම් හිමි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW) : කොළඹ අගරදගුරු රංජිත් මැල්කම් හිමි කොටහේන ශාන්ත ලුසියා දෙව්මැදුරේදි පැවැති පාස්කු ඉරිදා දේව මෙහෙයට සහභාගී වූ අතර උන්වහන්සේ පැවසූවේ, කූමින් සීනිවලට ඇලෙනවා වගේ දේශපාලනාඥයන් බලයේ එල්ලී තමන් ලොක්කායි සිතා ගෙන කටයුතු කරන බව පෙනෙන්නට ඇති බවයි . පාස්කු ප්‍රහාරය සිදුවී වසර 4ක් ගත වුවද තවමත් යුක්තිය ඉටුවී නැතැයි අගරදගුරුතුමෝ පැවසූහ.

යුක්තිය උදෙසා අරගල කිරීම වැදගත් වනුයේ ඒ නිසා බව ද කොළඹ අගරදගුරුතුමෝ සඳහන් කළහ. පාස්කු ප්‍රහාරයේදී සිදුවූයේ කුමක්දැයි තවම කවුරුත් දන්නේ නැතැයි කී අගරදගුරුතුමෝ මිනිසුන් නොයෙකුත් දේ පවසන බවත්, යුක්තිය සඳහා අරගල කිරීම වැදගත් වන්නේ ඒ නිසා බවත් පැවසූ උන්වහන්සේ , එය කතෝලිකත්වය බව කී අගරදගුරුතුමෝ යලි උත්ථානයවීම යනු වෙනසක් ඉල්ලා අරගල කිරීම යැයි ද පැවසීය .

අගරදගුරුතුමෝ අවසානයේ පැවසූවේ වෙනස් කරන්නට උත්සාහ නොකරන ලෙසත් පවතින ක්‍රමයට යාමට දෙන ලෙසත් ඇතැමුන් කීවත් තරුණයින් අරගල කර ලංකාවේ දේශපාලන ආකෘතිය වෙනස් කළ බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

NPP ලේබලයෙන් ගෙනෙන රනිල් – ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්ති එපා – කොටුවේ විරෝධතාවක් (PHOTOS)

කොළඹ LNW:NPP ලේබලයෙන් ගෙනෙන රනිල් - ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්තිය...

Your Shot Challenge හි හොඳම ඡායාරූප කිහිපයක්! ඇස් වලින් දැක, විඳින්න.

සටහන – පුලී ජනවාරි 14, කොළඹ (LNW):  ඉඳහිට හිතට අල්ලන...

එක්සත් ජනපදය හා ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇනහිටියි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ක්‍රියාත්මක වන...

ආනයනික කිරිපිටි මිල පහතට!

කොළඹ LNW:එළඹෙන ජනවාරි 16 වෙනි දා සිට ආනයනික කිරිපිටි...