ඉන්ධන බෙදාහැරීම වැඩි කෙරේ

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අවුරුද සමයේ ජනතාව ගමන් බිමන් යෑම වැඩිවීමත් සමඟ පවතින ඉන්ධන ඉල්ලුම අනුව ඉදිරි දින කිහිපය වෙනුවෙන් දෛනික ඉන්ධන බෙදා හැරීම වැඩි කර තිබෙන අතර , දෛනිකව පෙට්‍රල් 92 මෙට්‍රික් ටොන් 4650 ක් සහ ඔටෝ ඩීසල් දෛනිකව මෙට්‍රික් ටොන් 5500 ක් නිකුත් කර බෙදා හරින බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කරයි.

වැඩිදුරටත් ට්විටර් සටහනේ සඳහන් වන්නේ පසුගිය සතිය තුළ ඉන්ධන අලෙවි කිරීමේදී ජාතික ඉන්ධන අලෙවිය සහ ඉන්ධන අවසරපත් QR කේතය මගින් ඉන්ධන ලබාදීම සැළකිය යුතු ප්‍රමාණයකින් වර්ධනය වී ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Other Worlds: Stranger Things හි නව පරිච්ඡේදයක්!

Other Worlds: Stranger Things හි නව පරිච්ඡේදයක්!

ශ්‍රී ලංකා – කසකස්තාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය අනුර කරුණාතිලක

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW: දසවැනි පාර්ලිමේන්තුවට අදාළ ශ්‍රී...

PSTA වෙත විරෝධය පළකරමින් වෘත්තීය සමිති සහභාගීත්වයෙන් කොළඹදී විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW:පොදුජන වෘත්තීය සමිති මධ්‍යස්ථානය,වෘත්තීය සමිති හා වෘත්තිකයින්ගේ ජාතික...