ශ්‍රී ලංකාව සඳහා දිස්ත්‍රික් ඩිජිටල් සුදානම් දර්ශකයක් – District Digital Readiness Index

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකාව සඳහා දිස්ත්‍රික් ඩිජිටල් සුදානම් දර්ශකයක් (District Digital Readiness Index) හඳුන්වා දීමටත් , මෙමඟින් ශ්‍රී ලංකාවේ කලාපීය වශයෙන්  ඩිජිටල් සංවර්තනය  (Digital Transformation)  සඳහා  තිබෙන විෂමතාවයන් හඳුනා ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ ශ්‍රී ලංකා ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් විශ්වාස කරන අතර මේ වනවිට මෙම සූදානම් දර්ශකයේ මුලික අදියර මේ වන විටත් අවසාන කර ඇත.

ශ්‍රී  ලංකා ජන හා සංඛාලේඛන දෙපාර්තමේන්තුව අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දෙන අතර රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ සහයෝගය ද මේ සඳහා ලබා දී ඇති අතර , රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක සහ මෙරට තොරතුරු තාක්ෂණයට අදාළ ප්‍රධාන සංගම් රැසක සහාය ද මෙයට ලැබී තිබේ .

◾බ්‍රිතාන්‍ය පරිගණක සංගමය ( BCS ), 
◾ශ්‍රී ලංකා මෘදුකාංග හා සේවා සමාගම් සඳහා වන සංගමය (SLASSCOM)
◾ලංකා පරිගණක සංගමය (CCSL), 
◾ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත මණ්ඩලය ( FITIS), 
◾තොරතුරු සන්නිවේදන  තාක්ෂණ කර්මාන්ත නිපුණතා සභාව  (ICTISC )
◾අනෙකුත් ජාතික සහ ප්‍රාදේශීය පාර්ශවකරුවන් රැසක් ද මේ අතර වෙති.

ශ්‍රී  ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ  නියෝජිතායතනය සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාව 2030 නව ඩිජිටල් ආර්ථික ප්‍රවේශයක් කරා යන ගමන් මඟ වඩාත් ඵලදායී හා කඩිනම් කිරීමට මෙය  රුකුලක් වනු ඇති බවයි .

ඒ අනුව  ශ්‍රී  ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මඟින් දැනටමත් හඳුන්වා දී තිබෙන දිස්ත්‍රික් ඩිජිටල් සංවර්තන කමිටු (DDTC) මඟින් එම විෂමතාවයන් අවම කර ගනිමින් සෑම දිස්ත්‍රික්කයකට ම  සාධාරණ හා ඵලදායී ඩිජිටල් සංවර්තනයක් ඇති කිරීමට අවශ්‍ය උපායමාර්ග  හඳුන්වා දීම මෙන්ම ඒවා ක්‍රියාත්මක  කිරීමත් සිදු කෙරේ.

දිස්ත්‍රික් ඩිජිටල් සුදානම් දර්ශකය (District Digital Readiness Index) මඟින් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක විසි පහට ම ඩිජිටල් ආර්ථිකයට හා ඩිජිටල් සංවර්තනයට අදාළ නිර්ණායකයන්  පදනම් කර ගෙන සැසඳීමක් සිදු කරන අතර එමඟින් දිස්ත්‍රික්ක අතර ඇති විෂමතාවයන් සියල්ල ග්‍රහණය කරනු ඇති අතර , දිවයින පුරා  දිස්ත්‍රික්ක 21ක මේ වන විට දිස්ත්‍රික් ඩිජිටල් සංවර්තන කමිටු  පිහිටුවා අවසන් කර තිබෙන අතර දිස්ත්‍රික්ක වශයෙන් දිස්ත්‍රික් සංවර්තනයට අදාළ සැලසුම් ක්‍රියාත්මක කිරීම සිඳුවනු ඇත.

ඩිජිටල් සංවර්තනයට අදාළ සියලු පාර්ශවකරුවන්ගේ සහභාගිත්වයෙන් දිස්ත්‍රික්ක මට්ටමෙන් ක්‍රියාත්මක වන අතර එය සිදු වන්නේ දිස්ත්‍රික් ඩිජිටල් සංවර්තන කමිටු දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙනි .


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කතරගම දේවාලයේ අක්කර 550 ඉඩමකට කෝටි 2ක බදු පොල්ලකුත් තියා දැදිගමලා ගත් අතුරු තහනම ඉවතට !

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයෙන් බදු පදනම මත දැදිගම...

Fun Friday: ජේම්ස් බොන්ඩ් කතා මාලාවේ ඊළඟ පරිච්ඡේදය ගැන ඉඟියක්!

සෑම සිකුරාදා දිනකම “Fun Friday” තුළින් ඔබට Entertainment සතියක...

මහින්දට ගහන්න ගහන්න වෙන්නේ ආණ්ඩුව පචවෙන එක විතරයි – නීතිඥ මනෝජ් ගමගේ

කොළඹ LNW: මහින්ද රාජපක්ෂට ගහන්න ගහන්න සිද්ධ වෙන්නේ ආණ්ඩුව...

බෝගොල්ලාගමට එරෙහි නඩුවක් ඔහු නොමැතිව විභාගයට ගැනීම සඳහා දින නියම වෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 01, කොළඹ LNW: අල්ලස් කොමිසම විසින් හිටපු...