”මගෙන් අහන්න දෙයක් නෑ.වත්මන් නීතිපතිගෙන් අහන්න” – හිටපු නීතිපතිගෙන් TID යට නෛතික විරෝධතාවක්!(VIDEO)

කොළඹ LNW:පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු නීතිපති ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා අද (19) ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබුණු අතර අද දින ඊට එරෙහිව නෛතික විරෝධතාවක් ගොණු කිරීමට හිටපු නීතිපතිවරයා කටයුතු කර තිබුණි.

නීතිඥ දිමිත්‍ර අබේසේකර මහතා විසින් එය ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට අද ඉදිරිපත් කරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වීමක්ද සිදුකරන ලදී.

දප්පුල ද ලිවේරා මහතා නීතිපති ලෙස කටයුතු කරන සමයේ පාස්කු ප්‍රහාරයේ විමර්ශනයන්ට අදාළව සාධනීය මැදිහත්වීමක් සිදුනොකරන බවට ඇතැම් මාධ්‍ය මඟින් චෝදනා එල්ල කළද ඒ සම්බන්ධ පිටු 130ක ලිපියක උපදෙස් ලිපියක් පොලිස්පතිවරයා වෙත යොමුකර තිබුණු බවත් ඒ ගැන සාධනීය පියවරක් ගෙන ඇත්ද යන්න වත්මන් නීතිපතිවරයාගෙන් සහ පොලිස්පතිවරයාගෙන් විමසීමක් කළ හැකි බවයි දිමිත්‍ර අබේසේකර මහතා පැවසුවේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...