උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම ප්‍රමාදය හේතුව බන්දුල පහදයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උසස් පෙළ ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේ කාර්යයට සම්බන්ධ කර නොගත්තේ නම් කිසිදු ගැටලුවක් ඇති නොවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

උත්තර පත්‍ර ගුරුවරුන් විසින් බලන බවත්, සිසුන්ගේ සියලු විෂය නිර්දේශ සකස් කරන්නේ ජාතික අධ්‍යාපන ආයතනය බවත් සාමාන්‍ය පෙළ විභාග පවත්වන්නෙ විභාග දෙපාර්තමේන්තුවෙන් බවත් අමාත්‍යවරයා පවසයි .

විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු වැඩිදෙනෙකු නිදහස් අධ්‍යාපනයේ දරුවන් බවත් , එදා සිටි ආචාර්යවරුන්ද මේ ආකාරයෙන් ඇගයීම් වර්ජනය කළේ නම් අද සිටින ආචාර්යවරුන්ට එම එම රැකියාව නොලැබෙනු ඇති බවද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා කියා සිටියේය.
තවදුරටත් අමාත්‍යවරයා සඳහන් කළේ, කම්කරු පංතියේ පහළ වෘත්තිය සමිතියක් වත් මෙවන් වෘත්තිය ක්‍රියා මාර්ගයක් ආරම්භ නොකරනු ඇති බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජවිපෙ ජනාධිපති පත්වෙලා වසරයි. රැකියා විරහිත උපාධිධාරීන් තවමත් මහපාරේ ! – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිවරයා බලයට පත්ව...

Invest Sri Lanka ආයෝජක සමුළුව සිංගප්පූරුවේදී ඇරඹෙයි

කොළඹ කොටස් වෙළඳපොල සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය...

CIDය උදයංග වීරතුංගගෙන් සහ ඔහුගේ බිරිඳගෙන් ප්‍රශ්න කරයි

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගගෙන් සහ ඔහුගේ...

චේරන්ගේ තෝරාගත් කවි ”ළසෝ දියවෙන භූමිය” ලෙසින් සිංහලට! (PHOTOS)

කොළඹ LNW:''ළසෝ දියවෙන භූමිය'' පරිවර්තිත කාව්‍ය සංග්‍රහය එළිදැක්වීම අද...