*
Friday, September 20, 2024
spot_img

Latest Posts

චීනය නැහැයි කියද්දීත් ඇමති අමරවීර රිලා කතාව යළි කියයි. රිලවෙකුගේ ගාණත් කියයි

මෙරට රිලවුන් චීනයට යැවීමේ යෝජනාව පැමිණියේ චීන සමාගමකින් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

චීනයේ ඇති සත්වෝද්‍යාන 1000කට පමණ රිලවුන් සැපයීම සඳහා එම යෝජනාව ඉදිරිපත්ව ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

“මේ ව්‍යාපෘතිය අපිට ඇවිල්ලා තියෙන්නේ චීන සමාගමකින්. අපිට ආව තොරතුර අපි කැබිනට් එකට වාර්තා කරනවා. මේක ක්‍රියාත්මක වීම තීන්දු වෙන්නේ අනුකමිටුව මේ පිළිබඳව කරන විශ්ලේෂණයකින් පස්සේ. චීනයේ තියෙනවා කියන සත්වෝද්‍යාන 1000කට අධික ප්‍රමාණයකට සැපයීම සඳහා තමයි මේ ඉල්ලීම කරලා තියෙන්නේ”

“එයාලා වහාම ක්‍රියාත්මක කරන්න ලෑස්තියි. ලබන මාසේ 1000ක් විතර ඉස්සරවෙලා ගෙනියන්න අවසර දෙන්න කියලා ඉල්ලුවා. නමුත් අපිට අවසරයක් එහෙම දෙන්න බෑ. අපිට කිව්වා මේ රිලව් සල්ලිවලට අල්ලලා දෙන්න කියලා. මට පේන විදියට එක රිළවෙක් අල්ලන්න ඒ ගොල්ලන්ට රුපියල් 20,000 ක් 25,000 වියදම් කරන්න වෙයි. ඒගොල්ලෝ දැනට කියලා තියෙනවා නවීන තාක්ෂණය සහිත කූඩු වර්ගයක් තියෙනවා කියලා. සතුන්ට හානියක් නොවෙන්න . මේ පරිසරවේදීන් කලබල වෙලා කතාකළාට කිසිම ආකාරයකින් මස් පිණිස සතුන් යවන්නේ නෑ. 50,000 ක් 75,000 දීලා රිළවෙක් කන්න ඒ මිනිස්සුන්ට පිස්සු ද?”

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (19) දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ ප්‍රවෘත්ති විශේෂාංග වැඩසටහනකට එක්වෙමිනි.

කෙසේවෙතත් ඊයේ දිනයේදී මෙරට චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණේ මෙරට රිලවුන් චීනයට අපනයනය කිරීමේ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් තමන් අදාළ අංශ වෙතින් විමසීමක් කළ නමුත් එවැන්නක් පිළිබඳ කිසිදු තොරතුරක් ලැබී නොමැති බවයි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan