ජාතික ආණ්ඩුවකට එකතු වීමේ තීරණයක් නෑ – මනෝ ගනේෂන්

Date:

ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අප්‍රේල් 25 වනදා පාර්ලිමේන්තුවට ඒකාබද්ධ යෝජනාවක් ඉදිරිපත් කරන බවට තමන්ගේ නම සඳහන් කරමින් පළව ඇති පුවත සම්පූර්ණ අසත්‍යයක් බවත් එහි අන්තර්ගතය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බවත් දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කරන්නේ තම පක්ෂයේ දේශපාලන මණ්ඩලය රැස්වී හෝ සාකච්ඡා කර හෝ නොමැති අතර ජාතික හෝ වෙනත් ආණ්ඩුවක කොටස්කරුවන් වීමට කිසිදු තීරණයකට පැමිණ නොමැති බවයි.

එසේම තම පක්ෂය, සමගි ජන බලවේගය සමග සන්ධානගත පක්ෂයක් ලෙස දිගටම රැඳී සිටින බවත් ඒ මහතා සිය ට්විටර් පණිවිඩයෙන් අවධාරණය කරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...