A/L පිළිතුරු පත්‍ර ඇගයීමේ ක්‍රියාවලිය අත්‍යවශ්‍ය සේවාවක් කිරීමට පක්ෂ නායකයින් එකඟයි – රවුෆ් හකීම්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): උසස් පෙළ ප්‍රශ්න පත්‍ර ඇගයීමේ ක්‍රියාවලිය අත්‍යවශ්‍ය සේවාවක් කිරීම සම්බන්ධයෙන් පක්ෂ නායකයින් එකඟ වූ බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා සඳහන් කරන අතර, පාර්ලිමේන්තුවේ දී පැවති පක්ෂ නායක හමුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

ඉදිරි දිනවලදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නා ‍අත්‍යවශ්‍ය සේවා පනත සම්බන්ධයෙන් විවාදයේ දී විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ වැඩ වර්ජනය සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවද ඔහු පැවසූ අතර , උත්තර පත්‍ර ඇගයීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කළ යුතු බවට පක්ෂ නායකයන්ව එකගතාවට පැමිණ බවත් අවශ්‍යතාවයක් වුවහොත් එසේ සිදු කර හෝ මෙම ප්‍රශ්න පත්‍ර ඇගයීම් ඉක්මනට අවසන් කළ යුතු බවටත් එකඟ වූ බවද ඔහු සඳහන් කළේය.

මන්ත්‍රීවරයා තව දුරටත් කියා සිටියේසිසුදරුවන් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගෙන තම ඉල්ලීම් දිනා ගන්නට උත්සාහ කරන අය පිළිබඳව විවේචන ද එහිදී එල්ල වූ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...