සමගි ජන බලවේගයේ මැයි පෙළපාලිය ආරම්භ කෙරෙන ස්ථානය

0
594

සමගි ජන බලවේගයේ මැයි රැළිය කොළඹ කොටුව ඒ. ඊ. ගුණසිංහ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව, මැයි 01 වනදා සවස 01.00 ට මාලිගාවත්ත පී. ඩී. සිරිසේන ක්‍රීඩාංගනය අසලින් මැයි පෙළපාලිය ආරම්භ කෙරෙනු ඇති බවයි එම පක්ෂයේ මැයි දින කමිටුව පවසන්නේ.

“වැඩබිමෙන් ඇරඹෙන – මව්බිමේ අරගලය” යන තේමාවෙන් යුතුව පාක්ෂිකයින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ඉතාම උත්කර්ෂවත් අන්දමින් මෙවර මැයි පෙළපාලිය සහ මැයි රැළිය පැවැත්වීමට කටයුතු සූදානම් කෙරෙමින් පවතින බවත් සජබ මැයි දින කමිටුව සඳහන් කළේය.

RN