ඉන්දියානු මහකොමසාරිස් මල්වතු – අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදකී.

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා මල්වතු – අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගෙන ඇත.

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ජනතාව අතර පවතින සහෝදර බැදීම පිළිබඳව මෙහිදී ඉන්දීය මහකොමසාරිස්වරයා මහ නාහිමිවරුන් දැනුවත් කර ඇත. පසුගිය 20 වනදා ගෝලීය බෞද්ධ සමුළුවේ සමාරම්භක දේශනය සිදුකරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් සිදුකළ දේශනය මල්වතු අස්ගිරි නා හිමිවරු විසින් අගය කිරීමට ලක්කර තිබේ.

බුදුන් වහන්සේගේ ඉගැන්වීම අනුව සැමගේ සුබසිද්ධිය සඳහා ඉන්දියාව විසින් ගෙන ඇති පියවර පිළිබඳව ද මහනාහිමිවරුන් ඉන්දීය මහකොමසාරිස්වරයාට ස්තූතිය පළකර ඇති අතර , දෙරටේ ජනතාව අතර ඉහළ සම්බන්ධතාවයක් පවත්වාගෙන යාමේ ප්‍රතිලාභ සහ සංස්කෘතික ක්ෂේත්‍රය තුළ වඩාත් ශක්තිමත් සහයෝගීතාවක් ඇතිකර ගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන-ඇමරිකානු න්‍යෂ්ටික සාකච්ඡා සහ රාජ්‍යතාන්ත්‍රික ප්‍රවේශයක්..

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ඇති වූ...

ඉතිහාසයේ පළමු වරට 2025 දී ජංගම ගිණුමේ ඉහළම අතිරික්තය වාර්තා කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ශ්‍රී ලංකා­වට නිද­හස ලැබී­මෙන් පසු වාර්තා...

ඒෂාන් මාලිංග තුන්වන තරගයට නැතත් ලෝක කුසලානයට සූදානම් ?

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: එංගලන්තය සමඟ පැවති දෙවන...