“PTA අහෝසි කරනු – ATA ඉරා දමනු” ප්‍රකාශයට අත්සන් ගොන්නක්!

Date:

PTA අහෝසි කරනු!
ATA ඉරා දමනු!

යන තේමාවන් මුල් කරගෙන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කල ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් කිරීම අද (24) සවස කොළඹ ටොරින්ටන්හි පිහිටි ජාතික පුස්තකාල ප්‍රලේඛන මධ්‍යස්තාන ශ්‍රවනාගාරයේදී පැවැත්විනි.

මෙම ඒකාබද්ධ ප්‍රකාශනය සදහා දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති,බහුජන සංවිධාන, සිවිල් සංවිධාන, ශිෂ්‍ය සංවිධාන වල නියෝජිතයින් සහ කලාකරුවන් ඇතුලු පිරිසක් අත්සන් තැබූහ.

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ නියෝජිතයකු විසින් ඒකාබද්ධ ප්‍රකාශනය සභාවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ප්‍රකාශයට අත්සන් තැබුනි.

මෙම ප්‍රකාශය අත්සන් කිරීමේ වැඩසටහන ආරම්භ කිරීමට ප්‍රථම ශාලාවේ විදුලිය විසන්දි වූ අතර ආයතනයේ සේවකයින් විසින් ජෙනරේටරයක් මගින් එක්විදුලි පහනක් පමණක් දල්වා දීමට කටයුතු කිරීමෙන් අනතුරුව උත්සවයේ වැඩ කටයුතු සිදු කෙරුනි.

ප්‍රකාශනය අත්සන් කිරීමෙන් අනතුරුව ප්‍රකාශනයට අත්සන් තැබූ නියෝජිතයින් අදහස් දැක්වීමට නියමිතව තිබුන ද රැස්වීම අවසන් වන මොහොත දක්වාත් විදුලිය නොලැබුණ හෙයින් පිරිස ශාලාවෙන් පිටතට පැමිණ තම අදහස් දැක්වීම එහිදී සිදු කෙරුනි.


සියලුම ඡායාරූප නරඹන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හැංගිලා හිටපු තුසිත හල්ලොලුව අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂවරයකු...

ජාතික සතොස සහල් – ඇමති වසන්තගෙන් අලුත් වැඩක් !

සටහන - රුවන් නෙළුගොල්ල "ජාතික සතොස” වෙළඳ සන්නාමය සඳහන් ඇසුුරුම්...

අරුණ පත්තරේ නිරෝෂා වාසල CIDයට කැඳවයි !

"අරුණ" පුවත්පතේ මාධ්‍යවේදිනී නිරෝෂා වාසලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ...

බහරේන් යන යොවුන් කණ්ඩායමට තහනම් අඩවි පෙන්නා දෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 19, කොළඹ LNW: ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව...