*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

රටෙන් හොරා කෑ මුදල් නැවත රටට ගන්න සූදානම් සජබේ අපි හොරු එක්ක කිසිම ඩීල් එකක් දාන්නේ නෑ – විපක්ෂ නායක සජිත් පාර්ලිමේන්තුවේ දී සහතික වෙයි

බදු පිට බදු ගසමින් ජනතාව පීඩාවට පත් කරන දුර්දාන්ත දූෂිත රජය සමඟ කිසිදු අවස්ථාවක සමගි ජන බලවේගය හෝ සමගි ජන බල සන්ධානයේ කිසිදු මන්ත්‍රීවරයකු එකතු නොවන බවත් මේ රට හොරාකාපු, වංචාකරපු, වෙන්දේසි කරපු, පවුල් පාලනයක් ගෙන යන කුජීත පුද්ගලයන් සමග කිසිදු අවස්ථාවක එකට එකතු වී රාජ්‍ය බලය ලබා නොගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම මේ රටින් ඩොලර්, සම්පත්, රාජ්‍ය සම්පත් හොරා කා විනාශ කළ පැන්ඩෝරා පත්‍රිකා හරහා එළිදරව් වන ඩොලර් හොරකමට සම්බන්ධ සියලු දෙනා මෙරට හෝ ලෝකයේ කුමන හෝ රටක සිටියත් අපේ රටේ නීතිය හමුවට ගෙන විත් එසේ හොරා කෑ මුදල් නැවත රට තුළට ලබා ගන්නා බවත් ඒ තුළින් ජනතාව පිට බදු පිට බදු පැනවීම නවතා ජනතාවට සහන සලසන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම සමගි ජන බලවේගය වත්මන් රජය සමඟ එක්වන බවට ජනාධිපතිවරයා සිතා සිටිනවා නම් එය හිතලුවක් විතරක් බවත් රට විනාශ කළ රාජපක්ෂවරු සමඟ තමාට හෝ තම පක්ෂයට කිසිදු සම්බන්ධයක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගත් ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක් වෙමිනි.

ජනතාව පිට බදු පිට බදු ගහන එක ගැන කතා කරන වත්මන් රජය පැන්ඩෝරා පත්‍රිකාවල සඳහන් මුදල් සහ සම්පත් නැවත අපේ රටට ලබා ගන්නේ කෙසේද කියා මේ වන තෙක් අවධානය යොමු කර නැති බවත් නමුත් සමගි ජන බලවේග රජයක් තුළ අහිමි වූ සම්පත් නැවත ලබා ගැනීමේ පනත සහ අධිකාරිය බලාත්මක කර එම මුදල් නැවත රට තුළට ලබා ගැනීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම රජය ඉදිරිපත් කළ දූෂණ මර්ධන පනත වර්තමානයට සහ අනාගතයට අදාළව ඉදිරිපත් වුවත් අතීතයේ සිදුවූ දූෂණ වංචා ආදී මූල්‍ය වංචා සම්බන්ධයෙන් ගන්නා පියවර එහි සඳහන් නොවන බවත් පසුගිය කාලයේ සිදුවූ සීනි, ගෑස්, ඉන්ධන වංචා ආදී බදු වංචා අමතක කළ නොහැකි බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ විදේශීය රටවල් පවා මේ ගැන කතා කරද්දි අපි ඒ ගැන අවධානය යොමු නොකිරීම බරපතළ ගැටලුවක් බව යි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිය එක හොඳ දෙයක් වුවත් ඔවුන් සමගි ඇති කර ගත් ගිවිසුම් වැරදි බවත් ඒ ගිවිසුම් තුළ ජනතාව පීඩාවට පත් වන කරුණු ඇතුළත් බැවින් ඒවා නැවත සංශෝධනය විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය. එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කළ යුත්තේ රටට ජයග්‍රහණ අත්පත් කර දීමට මිස රට තවදුරටත් අගාධයකට දැක්වීමට නොවන බවත් අද දෛවයේ සරදම වී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම සහමුලින් ප්‍රතික්ෂේප කළ කල්ලියකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිහිට පැතීමට සිදු වීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය ප්‍රමුඛව තමන් ඇතුළු කණ්ඩායම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කිරීමේ අවශ්‍යතාවය පුන පුනා ප්‍රකාශ කළ ද එදා ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ පොහොට්ටු ආණ්ඩුව එය සහමුලින් ප්‍රතික්ෂේප කළ බවත් ඒ නිසාම රටට ලැබුණු දැවැන්ත මුදල් පරිත්‍යාග අහිමි වූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් එහි දී පැවසීය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan