ගල්ෆ් මුහුදේ පලා යාමට උත්සහ කළ තෙල් නැවක් ඉරානයේ අත්අඩංගුවට

Date:

කොළඹ (LNW): මාෂල් අයිලන්ඩ්ස් ධජය සහිතව කුවේට් සිට එක්සත් ජනපදයේ ටෙක්සාස් හි හූස්ටන් බලා යමින් සිටි ඇඩ්වාන්ටේජ් ස්වීට් නම් තෙල් නවුකාව ඉරාන හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙම තෙල් නැව ඕමාන් බොක්කේදී ඉරාන බෝට්ටුවක ගැටීමෙන් කාර්ය මණ්ඩලය කිහිප දෙනෙකුට තුවාල සිදු කර පලා යමින් සිටියදී පර්සියානු ගල්ෆ්හිදී ඉරාන හමුදාවේ නාවික හමුදාව විසින් අල්ලා ගන්නා ලද බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ සම්බන්ධයෙන් එක්සත් ජනපද නාවික හමුදාව ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබුණේ ඇඩ්වාන්ටේජ් ස්වීට් නම් තෙල් නවුකාව ජාත්‍යන්තර මුහුදට සංක්‍රමණය වෙමින් සිටියදී ඉරාන හමුදාව විසින් අල්ලා ගනු ලැබූ බවත්, එය වහාම නිදහස් කළ යුතු බවත්ය. එමෙන්ම ඔවුන් මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ පසුගිය වසර දෙක තුළ ඉරානය අවම වශයෙන් මැද පෙරදිග යාත්‍රා කළ වාණිජ යාත්‍රා පහක් නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඉරානය සහ එක්සත් ජනපදය මෑත වසරවලදී ගල්ෆ් කලාපයේ විවිධ මතභේදාත්මක සිදුවීම් රැසකට මුල් වූ අතර ටෙහෙරානය විසින් සිදු කරන ලද මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමය සඳුදා ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක බලකායට එරෙහිව සම්බාධක පනවා දිනකට පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබිණි.

සටහන -සශිකලා මධුෂාණී

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් වුණු පැමිණිල්ලේ දූෂණ චෝදනා 8ක් !

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින්...

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...