දිගින් දිගටම විදුලි බිල වැඩිකරන්න බලාපොරොත්තුවක් නැහැ – කංචන

Date:

කොළඹ LNW:දිගින් දිගටම විදුලි බිල වැඩි කිරීමට රජයේ බලාපොරොත්තුවක් නැති බව විදුලි බල බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (28) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

ඉන්ධන මිල ගණනය කළ යුත්තේ ලෝක වෙළෙඳපොලේ මිල ගණන් වල අනුව වුවත් පසුගිය කාලයේ එම මිල 300%ක් 400% වැඩි වී තිබියදීත් මෙරට ඉන්ධන මිල ඉතා පහළ මට්ටමක පවත්වාගෙන ගොස් තිබුන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

”ජනාධිපති හෝ අගමැති හෝ පාර්ලිමේන්තුවේ සිටින කිසිවෙක් හෝ කැමති නැහැ විදුලි බිල වැඩිකරන්න. විෂය භාර ඇමතිවරයා ලෙස මම කැමතිත් නැහැ. හැබැයි අපි කාලයක් තිස්සේ ආනයන වියදමට වැඩියෙන් ඉන්ධන වික්කා. ඒකට විවිධ දේශපාලන හේතු තිබ්බා.

ජනතාවට විදුලිය පවා අඩු මිලකට දුන්නේ.ජනන වියදම, සම්ප්‍රේෂණ වියදම, බෙදාහැරීමේ වියදම වඩා අඩුවෙන් දුන්නේ. විවිධ ක්ෂේත්‍ර තිබුනා ඒ ඒ අයට විදුලි බිල අයකරන්නෙත් නැහැ කියල. කොහොමත් රජයක් ලෙස විදුලි බිල වැඩිකරගෙන වැඩිකරගෙන යන්න බලාපොරොත්තුවක් නැහැ.

ඉන්ධන මිල ගණනය කළ යුත්තේ ලෝක වෙළෙඳපොලේ මිලත් එක්ක. ලෝක වෙළෙඳපොලේ මිල 300%කින් 400%කින් ඉහළ යද්දී අපේ මිල තියාගෙන තිබුණේ ඉතාම පහළ මට්ටමක. කොහොමද ඒකෙ පාඩුව දරාගන්නේ.

අඛණ්ඩව විදුලිය, ඉන්ධන දෙන්න පහුගිය රජයන්ට හැකි වුණා.නමුත් ගිය වසරේ අපිට ඒක කරගන්න බැරි වුණා. මේ රටේ ඇති වෙලා තිබුන ආර්ථික තත්ත්වය නිසා.

නමුත් යථාතත්වයට පත්කරගන්න පුළුවන් වුණේ මේ රජය ලෙස ගත් ප්‍රතිපත්ති තීන්දු නිසා.

කවුරුත් කැමති නැහැ ඉන්ධන පෝලිමේ ඉන්න. මේ වෙද්දී විදුලිය ඉල්ලුම වැඩි වෙලා තියෙනවා. වැරදි මතයකුත් හැදුව මෙච්චර විදුලිය ඉල්ලුමක් නැහැ අඩු වෙලා තියෙනවා කියල. මම දන්නේ නැහැ කොහොමද ගණනය කරලා තියෙන්නේ කියල සමහර විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු කියනවා කර්මාන්ත වහල ආර්ථිකය හැකිලිලා තියෙනවා කියල.”

විදුලිය ගාස්තු සංශෝධනය සිදුකළ පෙබරවාරි 16 සිට ඉල්ලුමේ එක දවසක හෝ අඩුවක් සිදුව නොමැති බවද ඇමතිවරයා වැඩුදුරටත් ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...