මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක්!

Date:

කොළඹ LNW: අඛණ්ඩව වසර පහක් ආදයම් බලපත්‍ර ලබාගෙන නොමැති වාහන අසාදුගත කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තොරතුරු පද්ධතියෙන් ඉවත්කිරීමට තීරණය කළ බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසයි.

ඒ අනුව වසර පහක් ආදායම් බලපත්‍ර ලබාගෙන නොමැති වාහන සම්බන්ධයෙන් සමීක්ෂණයක් කරන බවයි කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරන්නේ.

මේ වන විට රථ වාහන ලක්ෂ 83ක් ලියාපදිංචි වී තිබෙන අතර QR කේතයට ලියාපදිංචි වී ඇත්තේ ලක්ෂ 60ක් බවයි ඔහු පවසන්නේ.

ඒ අනුව ඉතිරි වාහන ඇතැම්විට මාර්ගයේ ධාවනය නොවන ඒවා විය හැකි බව හෙතෙම කියාසිටියි.

එමෙන්ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වායූ විමෝචන අංශය මඟින් අධික ලෙස දුම් පිට කරන වාහන සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් සිදුකරන අතර ඒ සඳහා 0703500525 යන වට්ස් ඇප් දුරකථන අංකයද ලබා දී තිබේ.

එම දුරකථන අංකයට ජායාරූප යොමුකරන ලෙසයි ඔවුන් දැනුම් දෙන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දකුණු කොරියාවේ අලුත්ම සූදානම..

රෂිකා හෙන්නායක අගෝස්තු 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු කොරියානු දේශසීමාවේ...

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට එජාපයේ බලවත් විරෝධය ?

ඉන්දියාවේ 79 වැනි නිදහස් දිනය නිමිත්තෙන් මෙරට මුද්‍රිත මාධ්‍යවල...

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වෙයි !

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වී තිබේ. අසනීප තත්වයක්...

ඉන්දීය 79 වන නිදහස් දින සැමරුම් උත්සවය මහනුවරදී..

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: අද (15) දින, ඉන්දීය...