ජනාධිපති අපේ වැඩපිළිවෙලින් පිට පැන්නොත් තීරණයක් ගන්න වෙයි – ඊළඟ ජනාධිපති බිහිකරන්නෙත් අපිම තමයි

Date:

කොළඹ LNW:ඊළඟ ජනාධිපතිවරයා බිහිකරන්නෙත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් වන අතර ඒ ඇතැමුන් පවසන ආකාරයේ හොර බොරු කුමන්ත්‍රණ වලින් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා අද (08) එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.

ඉතා නිර්භීතව සිය ජනාධිපති අපේක්ෂකයා සහ වැඩපිළිවෙල ජනතාව හමුවේ තබන බවයි කාරියවසම් මහතා සඳහන් කළේ.

”මේ රටේ ඊළඟ ජනධිපති බිහිකරන්නෙත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්.ඒක එක එක්කෙනා කියන ආකාරයේ හොර බොරු උපක්‍රමවලින් නෙවෙයි. එළිපිට ජනතාව ඉදිරියේ බය නැතුව කියනවා. කුමන්ත්‍රණ තුළින් නායකයෝ බිහිකිරීමක් අපේ පක්ෂය තුළින් කෙරෙන්නේ නැහැ.අපේ පක්ෂය ඉතාම නිර්භයව ඉදිරියට ඇවිල්ල මෙන්න අපේ නායකයා, මෙන්න අපේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා, මෙන්න මේකයි අපේ ප්‍රතිපත්ති කියන දේ ජනතාව ඉදිරියේ තියල අපි නීත්‍යානුකූල විදිහට බලය ලබාගන්නවා මිසක් කුමන්ත්‍රණ හෝ වෙනත් ක්‍රම මඟින් බලය ලබාගන්න වෙනත් පක්ෂ වගේ කටයුතු කරන්නේ නැහැ. නමුත් ඉතා පැහැදිලිව දෙයක් කියන්න ඕනේ.අපි මේ රජයේ ඉන්නේ ජනතාවාදීව මේ රටේ ජනතාවට පොරොන්දු මාලාවක් දීලා. ජනතාව බලය දුන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට. ඒ අපි විසින් ඉදිරිපත් කරපු කිසියම් වැඩපිළිවෙලක් ගැන විශ්වාසය තබල. වත්මන් ජනාධිපතිතුමා ඇතුළු රජය එම වැඩපිළිවෙලින් වෙනත් පැත්තකට යනවා නම් ඒ ගැන සාකච්ජා කරන්න සිදුවේවි.එහෙම තත්ත්වයක් උද්ගත වුණොත් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්න වේවි. නමුත් මේ වන විට නම් එහෙම තත්ත්වයක් නැහැ කියල ඉතා පැහැදිලිව කියන්න ඕනේ.”

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉතිරි ධූර කාලය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා පත්කර ගැනීමේදී ප්‍රධාන වශයෙන් සලකා බැලුවේ කාරණා දෙකක් ගැන බවද මෙම මාධ්‍ය හමුවේදී කාරියවසම් මහතා පැවසුවේය.

ඒ,ඉදිරි කාලය සඳහා ආර්ථිකය හොඳින් පවත්වාගෙන යාම සහ හැමදෙනාටම නිදහසේ දේශපාලනය කළ හැකි ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවක් නිර්මාණය කරගැනීමට බවයි ඔහු කියා සිටියේ.

රනිල් වික්‍රමසිංහ මහතා එය ඉටුකර තිබෙන බවත් එතැනින් එහාට වෙනත් ගිවිසුමක් නොමැති බවත් හෙතෙම ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

මධ්‍යම පරිසර අධිකාරිය විසින් කතරගම පූජා නගරය අවට වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරයි!

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : මධ්‍යම පරිසර අධිකාරිය...

ශ්‍රී ලංකාවට පහසු ජයක්

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවලියේ...

ගෙවුණු දිනයේ ඊශ්‍රායල් ප්‍රහාරවලින් පලස්තීන සාමාන්‍ය වැසියන් 81 දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක ජූනි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු දිනය...