අපේ අවිඥාණික ප්‍රශ්නවලට සුද්දා පලි නැහැ බ්‍රෝ ….

Date:

ආයෙත් කට්ටිය අහනවා දැන් සුද්දා අපේ රජ්ජුරුවෝ අකුලලා දැම්මට උන්ගේ රජ්ජුරුවෝ තාමත් ඉන්නවා නේද කියල. ඔව්, ඒ කතාව ඇත්ත. උන් අපිව වැඩවසම් රාජ්‍යත්වයෙන් නිදහස් කළාට උන්ට ඒකෙන් සම්පුර්ණයෙන් නිදහස් වෙන්න බැරිවුණා තමයි. චාල්ස්ගේ කොරනේෂන් එකෙන් පෙන්නේ උන් නිදහස් නැහැ කියන එක.

ඒ අතින් උන් බයියෝ. අපිට ටොයි වෙන්න දුන්නට උන්ට බයි වටිනාකම් වලින් සම්පුර්ණයෙන් ඉවත් වෙන්න බැරිඋණා.

උන් අපේ රාජ්‍යත්වය නැති කරලා සම්පුර්ණ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් හඳුන්වල දුන්න. එයාල රජු හෝ රැජිණ සංකේත තලයක තියගද්දී උන් ඒ වෙනුවට නූතන ලෞකික තනතුරක් අපිට හඳුන්වල දුන්න. ඒ අග්‍රාන්ඩුකාර ධූරය. පස්සේ ඒක ජනාධිපති ධූරය වුණා 1970 ජනරජ ව්‍යවස්ථාවෙන්.

ඒ කියන්නේ ව්‍යස්ථාමය තලයක උන් උන්ටත් වඩා අපිව නිදහස් කරලා තියනවා. අපිට ඒක තේරෙන්න නැත්තේ ඇයි? තේරුණත් එහෙම නිදහසක් තියෙද්දීත් අපිට එයාලත් පහුකරලා යන්න බැරි ඇයි?

දැන් ඔයාල කියයි අධිරාජ්‍යවාදීන් අපිට කකුල් මාට්ටු දැම්ම කියල. අපි ස්මාට් නම් ඒවායින් ගැලවෙන්න අපි දැනගන්න ඕනි.

ස්මාට් කෙසේ වෙතත් අපි නිදහස් කියලවත් අපි දන්නේ නැහැ ජාතියක් හැටියට. නයිපෝල් කියනවා වගේ අපි කළේ කොපි කරපු එක විතරයි. ඒකත් බාගෙට.

ආණ්ඩු බලය සුද්දගෙන් අපි ගත්තට පස්සේ ඒ නිදහස් ආයතනවල ඇත්ත අර්ථය අපි හඳුනාගත්තේ නැහැ. ඒවා නිකම්ම ආයතන විතරයි. අපි අර පරණ අපිමයි. ඒකයි ප්‍රශ්නේ. උන් ආයතන වෙනස්කළාට මිනිස්සුන්ට එහෙමම ඉන්න ඇරිය.

උන් උන්ගේ ප්‍රජාතන්ත්‍ර ආයතන ශක්තිමත් කරගත්ත. පුද්ගල අයිතීන් ශක්තිමත් කරගත්ත. ලෞකික ජීවිතය ශක්තිමත් කරගත්ත. රජ්ජුරුවෝ කියන්නේ සංකේතයක් විතරක් කරගත්ත. ඒකයි මේ ඩිස්නි ලෑන්ඩ් එෆෙක්ට් (Disneyland effect) එක තියෙන්නේ. ඒක උන්ට පෝස්ට්මොඩන් ඩිස්නි එකක් විතරයි. හැබැයි අපිට ශ්‍රී වික්‍රම හිටියනම් එයා ඇත්තම රජ්ජුරුවෝ තමයි. ඒකයි වෙනස.

කෙනෙක් නිදහස් කළාට වැඩක් නැහැ. ඒ ලැබුණු නිදහසට අර්ථයක් නැත්නම්. උන් චාල්ස් බලන්න එන්නේ නිදහස් මිනිස්සු හැටියට. චාල්ස්ට අතට අත දෙන්නේ සමාන මිනිස්සු දෙන්නෙක්ගේ හමුවීමක් හැටියට. අපි අපේ රජ්ජුරුවෝ බලන්න යන්නේ ඇත්තම සීරියස් යටත් වැසියෝ හැටියට.

උන් ප්‍රජාතන්ත්‍ර නිදහස හැටියට උන්ගේ හිතේ තිබ්බ අදහස අත්හදා බැලීමක් හැටියට මෙහෙ දිගහැරෙන්න දුන්න. චන්ද බලය දුන්න, උන්ටත් ඉස්සරවෙලා ස්ත්‍රීන්ට චන්ද අයිතිය දුන්න. හැබැයි අපි වැඩි වැඩියෙන් අර නැතිවුන රාජ්‍යත්වයේ නෂ්ටාවශේෂ ඒ නිදහස ඇතුලේ හෙව්වා. ඒ නිසා වැඩි වැඩියෙන් දේශීය රදළයෝ, වලව්කාරයෝ, අරූගෙන් පැවත ඒන උන්, මුගෙන් පැවත එන උන් පාලනයට ගෙනාවා. උන්ට කඩේ ගියා. බංකොලොත් වෙන කල්ම.

අපේ අවිඥාණික ප්‍රශ්නවලට සුද්ද පලි නැහැ බ්‍රෝ….

(චාල්ස්ගේ කොරනේෂන් එක ගැන මීට වඩා ලියන්නේ නැහැ)

~ මහේෂ් හපුගොඩ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාසා නගරය අත්පත් කර ගැනීම වෙනුවෙන් ප්‍රහාර ආරම්භ කළ බව ඊශ්‍රායල හමුදාව කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා නගරය මුළුමනින්ම...

කොයි අතට පෙරළෙයිද? සනත් – මාලිංග කල්පනාවෙන්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: සිම්බාබ්වේ සංචාරය...

රටට බරක් නොවන ක්‍රිකට් කරන වැඩ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ගමන් මඟ වැඩ සටහනේ දී සුජීව පෙන්වා දෙයි.

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW:“ශ්‍රී ලංකා ක්‍රිකට්...

ඉන්දියාව න්‍යෂ්ටික හැකියාව ඇති මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව සිය හමුදා...