පාස්පෝට් ගන්න ඉන්න අයට පාස්පෝට් කන්තෝරුවෙන් පණිවිඩයක්

Date:

විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කර නොගත් කිසිවකු එම සේවාව ලබාගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවට නොපැමිණෙන ලෙස ඉල්ලා සිටින බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පවසයි.

දිනයක් සහ වේලාවක් වෙන්කර ගත් අයට සහ හදිසියේ විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීමට අවශ්‍ය යැයි ලේඛන ඉදිරිපත් කළ හැකි අයට පමණක් එම දෙපාර්තමේන්තුවට පැමිණිය හැකි බවයි ඒ මහතා සඳහන් කළේ.

ආගමන විගමන පාලක ජනරාල්වරයා මේ බව පැවසුවේ මේ දිනවල බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ආශ්‍රිතව ඇතිවී තිබෙන තදබදය පිළිබඳව අදහස් දක්වමිනි.

ජනතාවට අපහසුතාවකින් තොරව විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා ක්‍රමවේදයක් ඉදිරි සති දෙක තුන තුළ සකස් කරන බව පැවසූ ඒ මහතා හදිසි අවශ්‍යතා සම්බන්ධයෙන් අදාළ ලේඛන පරීක්ෂා කිරීමෙන් පසුව සෑහීමකට පත්වුවහොත් පමණක් එම පුද්ගලයින් කාර්යාල පරිශ්‍රයට ඇතුළු කරගන්නා බවත් පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැවත ඇරඹෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17 කොළඹ LNW : අද (17)...

වැසි තත්වයේ වෙනසක් – අද (17) කාලගුණය

අද (සැප්තැම්බර් 17) දිනයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ...

සුඩාන සරණාගතයින් රැගත් යාත්‍රාවක ගින්නක් ඇතිවීම හේතුවෙන් අවම වශයෙන් 50 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩාන සරණාගතයින්...