කොළඹ LNW:ජනතාවට සහන දීම කෙලෙස සිදුවුවත් ඒවා දේශපාලන කණ්නාඩි වලින් බලා ඒවා ක්රියාත්මක කිරීම වහා නැවැත්විය යුතු බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස අත්තනායක මහතා පවසයි.
මේ අතරතුර දේශපාලන පෙරළියකට ආණ්ඩුව සැරසුනද දැන් ඔවුන්ට ජනතාව දිනාගැනීමට නොහැකි බවයි අත්තනායක මහතා සඳහන් කරන්නේ.
රටේ ප්රශ්න විසඳීමට ආණ්ඩුව මැදිහත්වී ඇති බවක් පෙනෙන්නට නැති අතර තාවකාලිකව පෝලිම් නැතිවීම යම් යම් සහන ලැබීම පවතින්නේ ණය ගෙවීම ආදිය සිදුනොකරන නිසා යැයිද හෙතෙම කියාසිටියි.
දේශපාලන පෙරළි කුමනාකාරයෙන් සිදුවුවත් ඉක්මන් මැතිවරණයක් බලාපොරොත්තු වන බවයි මන්ත්රීවරයා වැඩිදුරටත් ප්රකාශ කරන්නේ.
ASK