සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): ජාත්‍යන්තර මාධ්‍ය පවසන ආකාරයට , ලොව ප්‍රමුඛ ඉන්ධන සැපයුම්කරුවන් සැපයුම අඩු කිරීමට කටයුතු කිරීමත් චීනය සහ අමෙරිකාව වැනි රටවලින් ඉල්ලුම අඩුවීමත් හේතුවෙන් ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අඩුවී ඇති බවයි .
බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 73.55ක් දක්වා ද වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 69.48 දක්වාද අඩුවී ඇත. පසුගිය සති 4 පුරාම බොර තෙල් මිල පහළ යමින් පැවති අතර 2022 සැප්තැම්බර් මාසයෙන් පසුව එසේ බොර තෙල් මිල අඩුවූ දීර්ඝතම කාලය එයයි.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??