නැගෙනහිර පළාත් ආණ්ඩුකාර තනතුරට සෙන්තිල් තොණ්ඩමන්

කොළඹ (LNW): නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති, ඌව පළාත් හිටපු අමාත්‍ය සහ ඌව පළාත් හිටපු වැඩබලන ප්‍රධාන අමාත්‍ය මුත්තුවිනායගම් සෙන්තිල් තොණ්ඩමන් මහතා පත් කිරීමට නියමිත බවට වාර්තා තහවුරු කරයි.

නව ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු ලබන 17 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කිරීමට නියමිත බවත්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස සෙන්තිල් තොණ්ඩමන් මහතා පත් කිරීමට සියලු කටයුතු මේ වන විට අවසන් කර ඇති බවත් ජනාධිපතිවරයාට සමීප ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ අතර, තහවුරු කරන ලද නිශ්චිත තොරතුරක් මෙතෙක් ලැබී නොමැති වුවද, රජයේ පරිපාලන සේවයේ දමිළ කාන්තාවක් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙසත් හිටපු අමාත්‍යවරයකු වයඹ ආණ්ඩුකාරවරයා ලෙසත් පත් කිරීමට නියමිත බව ද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොසිල ඉන්ධන අර්බුදයෙන් COP31 දේශගුණික සමුළුවේ සාකච්ඡා අඩාල වෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 22 : පොසිල ඉන්ධන...

රනිල් ආර්ථිකය ගොඩ අරන් දුවවන්න හදපු අශ්වයා 2027 වෙනකල් ගමන් කරනවා. එතනින් එහාට සංචිත ප්‍රශ්නයක් – බන්දුල

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආර්ථිකය ගොඩගෙන ධාවනය කරවීම...

අයවැයට එරෙහිව වෘත්තීය සමිති රැසක එකමුතුවෙන් ජාතික විරෝධතා දිනයක්

සටහන - රුවන් නෙළුගොල්ල 2027 අයවැයෙන් තම ගැටලුවලට විසඳුම් ලබාදීමට...

ගැටුමක් සම්බන්ධයෙන් යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් 21 දෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW: යාපනය විශ්වවිද්‍යාලයේ ඇති වූ...