චාලිට සහයට කාන්තාවක්

Date:

මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ ආශිර්වාදය ඇතිව පැවත්වෙන මධ්‍යම ආසියානු කාන්තා වොලිබෝල් සූරතාවලියට මෙවර පැවත්වෙන්නේ නේපාලයේ කත්මණ්ඩු නුවරයි.අවසාන වරට පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී නේපාලය වෙතින්ද පරාජය ලැබූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට මේ තරගාවලියේදි වියැකී ගිය කීර්තිනාමය රැක ගැනීමට විශාල වගකීමක් පැවරී තිබෙනවා.එම වගකීම සඳහා ක්‍රීඩිකාවන් පුහුණු කිරීමේ වගකීම ශ්‍රී ලංකාව වෙනුවෙන් පුහුණුකරුවෙක් හැටියට ඓතිහාසික ජයග්‍රහණ ගණනාවකට මඟ පෙන් වූ පුහුණුකරුවෙක් වන චාල්ස් තිලකරත්නට පැවරී තිබෙනවා.චාල්ස්ට සහයට චන්දිමා අකරවිට නම් කර තිබෙනවා.ඒ කලකට පසුව ජාතික වොලිබෝල් කණ්ඩායමක සහය පුහුණුකරු තනතුරකට කාන්තාවක් කැඳවීම සටහන් කරමින්.
මෙම කණ්ඩායමට කළමණාකරු සේ තුෂාර පෙරේරා එක් වන අතර අභ්‍යාස සේ ජගත් සේනාධීර එකතු වි සිටිනවා.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට නායකත්වය දෙන්නේ තිළිනි වාසනා යි.මෑත කාලයේ කැපී පෙණෙන දක්ෂතා දක්වන වාසනා මෙන්ම උප නායිකා කවීශා ලක්ෂානි ට සිය පෞද්ගලික දක්ෂතා මෙන්ම කණ්ඩායමේ දක්ෂතා එක පොකුරකට එකතු කර ගැනීමේ වගකීමත් පැවරී තිබෙනවා.

දිලූෂා සංජීවනී,ප්‍රීතිකා ප්‍රමෝදනී,ජේ තිලක්ෂණා,අප්සරා සෙව්මාලි,ඉරේෂා උමයංගනී,පියුමි භාෂිණි,සංජීවනී කරුණාරත්න,අයේෂා මධුරිකා,අරුණ වසන්ති,කාංචනා චතුරානි,නඳුනි හිමංසලා සහ සචිනි චාරුකා කණ්ඩායමට එක්වන සෙසු ක්‍රීඩිකාවෝයි.

ශ්‍රී ලංකාව තරගාවලියට මුහුණ දෙන්නේ බී කාණ්ඩය යටතේ වන අතර ඔවුන්ට මුලික තරගවලදී උස්බෙකිස්තානය,කසකස්තානය සහ මාල දිවයින මුණ ගැසීමට නියමිතයි.ආසියාවේ ඉදිරි පෙළ කණ්ඩායමක් වන කසකස්තානය මේ කාණ්ඩයේ සිටින ප්‍රබලම කණ්ඩායම වුවත් වොලිබෝල් ඉතිහාසය සළකා බලද්දී ශ්‍රී ලංකාව උස්බෙකිස්තානයට සහ මාල දිවයිනට වඩා ඉදිරියෙන් සිටින කණ්ඩායමක් සේ හැඳින්විය හැකියි.

විශේෂයෙන් මේ තරගාවලියේ තරග පැවත්වෙන ආකාරය මේ සමඟ දක්වා ඇති අතර එහිදී අවබෝධ කර ගත හැකි යථාර්තය වන්නේ ශ්‍රී ලංකාවට සිය කාණ්ඩයේ අවසාන කණ්ඩායම් අතරට ඒමට විශාල ඉඩක් තිබීමයි.එම තත්ත්වය ගෙන වැඩි තරග ප්‍රමාණයකදි දස්කම් ඉහළ මට්ටමකින් පවත්වා ගෙන යාමට ඔවුන් දක්වන හැකියාව අනාගතයට වඩාත් පලදායී පියවරක් විය හැකියි.විශේෂයෙන් සත්කාරකත්වය තුළ දකුණු ආසියානු තරගාවලියේදී ශ්‍රී ලංකාව අභිබවා ගිය නේපාලය මෙවරත් සත්කාරකත්වය තුළ විශාල සැළසුමක් සහිතව තරගාවලියට පිවිසෙන බව සහතිකයි.අඩුම තරමේ මෙම තරගාවලියේදි යළි දකුණු ආසියාවේ අහිමි වූ තැන හෝ රැක ගන්නට වාසනාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට වාසනාව හිමි වේවා යන්න අපේ පැතුමයි.

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයාට එරෙහි හදිසි පරීක්ෂණය ‘කුමන්ත්‍රණයක්’ දැයි සැකයක් !

රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයාට එරෙහිව බෞද්ධ කටයුතු...

ඇය වෙනුවෙන් එය කරන්න..TLC ට්‍රයැත්ලෝත් 2025

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 12, කොළඹ LNW : පියයුරු පිළිකාවට එරෙහිව...

විජේරාමයේ සිටිය ද, තංගල්ලෙ සිටිය ද මහින්ද රාජපක්ෂ මහින්ද රාජපක්ෂමයි – ගමට ගිය හිටපු ජනපති තැබූ සටහන!

කොළඹ LNW:ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනතට අනුව ඊයේ (11)...