සිංහ ට එරෙහිව සිංහ

Date:

ක්‍රීඩා අමාත්‍යවරයාගේ අභිමතය පරිදි විසුරුවා හරින ලද ක්‍රීඩා සමාජවල ඡන්දයෙන් පත් වු රගර් පරිපාලනය විසින්, ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරින් විසින් රගර් මූලස්ථානයට සීල් තැබීමට එරෙහිව කුරුදුවත්ත පොලීසියට කරන ලද පැමිණිල්ල මේ වන විට විභාගයට ගනිමින් පවතිද්දී ජාතික ඔල්මිපික් කමිටුව දන්වා සිටින්නේ තම් අමාත්‍යවරයා විසින් පත් කරන ලද ස්ථාවරකරණ කමිටුව පිළිනොගන්නා බවය.
මේ තත්ත්වය යටතේ පත්කරන ලද ස්ථාවරකරණ කමිටු ලේකම් ශානක අමරසිංහ රගර් කේෂත්‍රය සමඟ සම්බන්ධ සේවකයින්ට වට්ස්ඇපි පණිවිඩයක් මඟින් දනවා ඇත්තේ මැයි 17 වන දා පස්වරු 3.30 ට රැස්වීමක් සඳහා පැමිණිය යුතු බවය.

ඒ සම්බන්ධයෙන් අමරවංශට පිළිතුරු දෙන හසන් සිංහවංශ පෙන්වා දෙන්නේ නිල තේරී පත් වූ රග්බි පරිපාලනයේ විධායක අධ්‍යක්ෂවරයා තමා බැවින් ඕනෑම පණිවිඩයක් තමන් වෙත යොමු කරන ලෙසයි.එසේම රග්බි කේෂ්ත්‍රයේ සියලු දෙනාට සිංහවංශ අවධාරණය කරන්නේ මේ වන විට ස්ථාවරකරණ කමිටුව සහ ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් යම් හෙයකින් සීල් තබා එම පරිශ්‍රයට ඇතුල් ව ඇත්නම් එය නීත්‍යාණුකූල නොවන බවත්,ශ්‍රී ලංකා රග්බි පරිපාලනය ලෙස ජාත්‍යන්තරයට දැණුම් දී ඇති ජාතික ඔලිම්පික් කමිටුව උපදෙස් දෙන තෙක් එහි ඇතුල් නොවීම වැදගත් බවත්ය.
ශානක අමරසිංහ වට්ස්ඇප් පණිවිඩය යවන ලද 0777489504 දුරකතන අංකය උපුටා දක්වන සිංහවංශ අමරවංශට පෙන්වා දෙන්නේ තමන් විධායක අධ්‍යක්ෂවරයා බැවින් වෙනත් සේවකයන්ට දැණුම් දීම් කිරීමෙන් වැළකී තමන්ට සෘජුව ආමන්ත්‍රණය කරන ලෙස ය.

මේ තත්ත්වය සම්බන්ධයෙන් ස්ථාවරකරණ කමිටු සභාපති චූලා ධර්මදාස මාධ්‍යයට ප්‍රකාශ කර ඇත්තේ මේ සියලු පත් කිරීම් සිඳුව ඇත්තේ අමාත්‍යංශයෙන් බැවින් ගැටළු සඳහා පිළිතුරු අමාත්‍යංශයෙන් ලබාගත යුතු බවය.මේ ස්ථාවරකරණ කමිටුව ඉදිරියේ ඇති ලොකුම ගැටළුව වන්නේ ආසියානු රගර් තරගාවලිය වන අතර එහිදි සියලු කටයුතු නිල වශයෙන් සිඳු කිරීමට වන්නේ ජාතික ඔලිම්පික් කමිටුව පිළිගන්නා අමාත්‍යවරයා විසුරුවන ලද රගර පරිපාලනයටය.ක්‍රීඩා අමාත්‍යවරයා හෝ ස්ථාවරකරණ කමිටුව එය බලහත්කාරයෙන් සිඳු කිරීමට ගියහොත් ශ්‍රී ලංකාවට සුවිශාල ගැටළුවකට මුහුණ දෙන්නට සිඳු වන අතර ඒ අනුව ශ්‍රී ලංකාවේ ඔලිම්පික් ක්‍රීඩා ඉසව්වලට සම්බන්ධ දක්ෂයන්ට ජාත්‍යන්තර පිටිය අහිමි වීමේ අවදානමක් ද පවතියි.අමාත්‍යවරයා යනු ක්‍රීඩාවේ සර්ව බලධාරියා ලෙස අන්දවාගෙන තමන්ගේ පෞද්ගලික උවමනාවන් සාක්ෂාත් කර ගැනීමට දේශිය වශයෙන් මෙන්ම විදේශිය වශයෙන් ද ඇතැම් පිරිස් සමත් වි සිටින අතර එම තත්ත්වය යටතේ විශාල උද්දාමයක් සහ ප්‍රබෝධයකින් කටයුතු කරන අමාත්‍යවරයාට ක්‍රීඩාව තල්ලු වෙමින් තිබෙන අගාධය පෙනෙන්නේ නැත.

සිංහවංශ විසින් පෙන්වා දෙන යම් තර්ජනාත්මක බවක් ඇති බව පවසන,ජාතික ඔලිම්පික් කමිටුව විසින් පිළගනු ලබන අමාත්‍යවරයා විසුරුවා හරින පරිපාලනයේ පෞද්ගලික් දත්ත ඉල්ලා සිටිමින් යවන ලද අමරවංශගේ වට්සඇප් පණිවිඩය පහතින් දක්වා ඇත.

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Bob Marley… ඔබයි රෙගේ රජූ!

සටහන – පුලී ජූලි 28, කොළඹ (LNW): ලොවක් හඳුනන Bob...

යාපනය මහා සංස්කෘතික මංගල්‍ය හෙට ඇරඹේ!(PHOTOS)

කොළඹ LNW:යාපනයේ සුප්‍රකට නල්ලූර් කෝවිල කේන්ද්‍ර කරගත් වාර්ෂික තේරු...

X-Press Pearl නඩු තීන්දුව: සමාගම වහල, වන්දි ගෙවන්නේ කොහොමද?

ලංකාවේ මුහුදු තීරයේ දී ගිනිගෙන විනාශ වුණ එක්ස්ප්‍රස් පර්ල්...

අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ අපනයන 2025 වර්ෂයේ පළමු මාස හය...