සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් වෙනම ඒකකයක් – සජිත්

Date:

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් වෙනම ඒකකයක් රටේ රාජ්‍ය පාලකයා යටතේ ක්‍රියාත්මක වියයුතු බවත්, පැහැදිලි ප්‍රතිපත්තියක් සහිත කාලසටහනක් අනුව ඉලක්ක ගත වැඩපිළිවෙළක් ඇරඹීමට සමගි ජන බලවේගය සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් පිරිසක් ඊයේ (20) හමුවූ අවස්ථාවේදී ය.

ධනවතුන්ගේ ණය කපා දැමීම පසුගිය සමයේ සිදු වුවත්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ණය අය කර ගැනීමට දැඩි ක්‍රමවේද භාවිත කළ බවත් පෙන්වා දුන් විපක්ෂ නායකවරයා, එය තරයේ හෙළා දකින බවත් මෙහිදී අවධාරණය කළේය.

සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේ, කිසිදු පාර්ශ්වයක් වෙනුවෙන් විශේෂත්වයක් කොට සැලකීම අනුමත නොකර බවත්, සැමට එක හා සමාන ලෙස නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් ය.

එමෙන්ම ව්‍යවසායකයන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදෙන පැරණි ක්‍රමය බැහැර කර දත්ත පද්ධති හරහා තාක්ෂණිකව පිළිතුරු ලැබෙන ක්‍රමවේදයක් නිර්මාණය කිරීම වැදගත් බවත්, ඒ තුළින් අපක්ෂපාතී විනිවිදභාවයෙන් යුක්ත ක්‍රමවේදයක් ඇතිවීම සහ අල්ලසට වැට බැඳීමක් සිදුවන බවත් විපක්ෂ නායකවරයා එහිදී පෙන්වා දුන්නේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලය බබලවන ඔස්ට්‍රේලියානු ආග්‍රාණ්ඩුකාරවරිය

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: අපට නුහුරු බලය ඉදිරියේ සරල...

ලංකාවේ බොක්සිංවල මේ මොහොතේ වටිනාම දේ මිහිරාන් රැක ගැනීමය.

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා සහ...

දෙස් විදෙස් සංචාරක ආකර්ෂණ සහිත රාත්‍රී වෙළඳ පොලක් මහනුවර දී!

කොළඹ LNW:සංචාරක ආරක්ෂණය සහිත රාත්‍රී වෙළඳ පොලක් මහනුවර නගරය...

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් රතු එළි!

රෂිකා හෙන්නායක අගෝස්තු 13 කොළඹ LNW : අද දිනය...