පොලිස් අත්අඩංගුවේ සිටි කාන්තාවක් මියයාම – 4 කගේ වැඩතහනම්. 3කට ස්ථාන මාරු

Date:

වැලිකඩ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටි කාන්තාවක් රෝගාතුරව මියයාමේ සිද්ධියට අදාළව එම පොලිස් ස්ථානයෙහි නිලධාරීන් 4 දෙනෙකුගේ වැඩතහනම් කර ඇති අතර තවත් තිදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව වාර්තා වේ.

ඒ අනුව පොලිස් පරික්ෂවරයෙක්, සැරයන්වරුන් දෙදෙනෙක් සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩතහනම් කර ඇති අතර තවත් පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙක්ට ස්ථාන මාරු ලබාදී ඇති බව සඳහන්.

සුධර්මා නෙත්තිකුමාර නම් ප්‍රසිද්ධ ව්‍යාපාරික කාන්තාවගේ නිවසේ රන් මුදුවක් නැතිවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට එම නිවසේ කලින් සේවය කළ ආර්. රාජකුමාරි නමැති 41 හැවිරිදි කාන්තාව මෙසේ වැලිකඩ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබුණු අතර ප්‍රශ්න කිරීම් අතරතුර අසනීප වූ ඇයව රෝහල්ගත කරන විටත් මියගොස් සිටි බව වාර්තා වී තිබිණි.

පොලිසීයේ පහරදීම් හේතුවෙන් මෙම කාන්තාව මියගිය බවට ඇයගේ ඥාතීන් චෝදනා කරන අතර සිද්ධිය සම්බන්ධ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයට කරුණු දක්වන අවස්ථාවේදී අනාවරණය වී තිබුණේ අදාළ කාන්තාව වැලිකඩ පොලිසියේ රඳවාගෙන සිට තිබුණත් ඇයගේ නම රඳවා තබාගැනීමේ නාමලේඛනයට ඇතුළත් කර නොමැති බවයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...