ජනාධිපතිවරණයට අදාළව ව්‍යවස්ථා සංශෝධනයක් ගැන ඩලස් පිලේ මතය (VIDEO)

Date:

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ අනුප්‍රාප්තිකයා වන වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මේ වසරේ නොවැම්බර් 17 වනදායින් පසුව ජනාධිපතිවරණයක් කැඳවීමට හැකිවන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට යෝජනාවක් රජයේ පාර්ශ්වයෙන් ඉදිරිපත් කෙරෙන්නේ නම් ‘නිදහස ජනතා සභාවේ’ පූර්ණ සහාය ඊට ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.

“රාවයක් තියෙනවා පාර්ලිමේන්තුවට සංශෝධනයක් ඉදිරිපත් කරන්න හදනවා කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙනල්ලා ජනාධිපතිවරණය අවුරුදු පහකට පස්සේ නෙවෙයි හතරකට පස්සේ තියන්න. අපේ පූර්ණ සහයෝගය ඒකට තියෙනවා. අපිත් කියන්නේ අපේ රටේ ජනතාවට අවස්ථාව ලබාදිය යුතුයි ඡන්දය ප්‍රකාශ කරන්න. ඒත් දැන් අද මේ රටේ තියෙන්නේ ජනතාවට බයේ රට පාලනය කරන ආණ්ඩුවක්නෙ. ජනතාවට බය නිසානෙ මැතිවරණ තියන්නෙ නැත්තෙ. ජනතාවට අවස්ථාව දෙන්න මැතිවරණයක් පවත්වලා තමන්ගෙ ඡන්දය ප්‍රකාශ කරන්න. ඉතින් ඒ මූලික හේතුවන් නිසා රජය යෝජනා කරනවා නම් ජනාධිපතිවරණය අවුරුද්දක් කලින් තියන්න, අපි ඒකට සහයෝගය දෙනවා”

ජී. එල්. පීරිස් මහතා මේ බව පැවසුවේ ව්‍යවස්ථා සංශෝධනයක් සම්බන්ධයෙන් පැතිර යන කතා ගැන අද (21) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මර්වින්ට එරෙහි නඩු විභාගය ඇරඹේ. තමන් නිවැරදිකරු බව මර්වින් කියයි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 වසරේ මාර්තු මස 31 වනදා...

මීටියාගොඩ වෙඩිතැබීමක්. කාන්තාවක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල...

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...