මානුෂීය ධනවාදයක්. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් – සජබ ප්‍රතිපත්තිය සජිත් කියයි (VIDEO)

Date:

රටට අවශ්‍ය ධනය උත්පාදනය කිරීම සඳහා සුදුසුම ක්‍රමය මානුෂීය ධනවාදය බවත් එසේ උත්පාදනය කරන ධනය සමාජ සාධාරණත්වය තුළ බෙදීයාම සඳහා සුදුසුම ක්‍රමය සමාජ ප්‍රජාතන්ත්‍රවාදය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ අනුව සමගි ජන බලවේගයෙහි ආර්ථික ප්‍රතිපත්තිය වන්නේ මේ දෙකෙහි සම්මිශ්‍රණයක් බවයි ඒ මහතා සඳහන් කළේ.

සමාජ වෙළඳපොල ආර්ථික න්‍යාය හරහා උපරිම සෘජු විදෙස් ආයෝජන ඇතුළු රටට ධනය ගලා එන මාර්ග උපරිම දිරිමත් කරන අතර එසේ කරන්නේ රටේ රැකියා බිහිවීම ඇතුළු සමාජ ආරක්ෂණය තහවුරු කිරීම සඳහා බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. ඒ ආකාරයෙන් බිහිවන රැකියා ජනතාව වහල්භාවයට පත්කරන රැකියා නොවිය යුතු අතර ව්‍යාපාරිකයින් උපයන ලාභය සමාජ සාධාරණත්වයක් සහිතව බෙදී යාමට සැලසිය යුතු බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් සමග පසුගියදා පැවති හමුවකදී ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ඊසානදිග...

මුදල් අමාත්‍යාංශයෙන් තවත් තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : පසුගිය දවස්වල සිදු...

හිටපු ඇමති සී. බී. රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය CB...

මහනුවර දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය සේවා දින තුනක් තුළ යථා තත්ත්වයට!

කොළඹ LNW:ඉදිරි දින තුනක කාලයක් තුළදී මහනුවර දිස්ත්‍රික්කයේ විදුලි...