මතීශට කොළඹින් නිත්‍ය සාමාජිකත්වය

Date:

මෙවර එල්පීඑල් තරගාවලියේදී අයිපීඑල් තරගාවලියේ දී චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් සුපිරි දක්ෂතා දැක් වූ මතීශ පතිරණට කළම්ඹු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකත්වය හිමිව තිබෙනවා.එම කණ්ඩායමට නම් කරන ලද නිත්‍ය ක්‍රීඩකයින් සිව් දෙනා අතර සිටින අනෙක් දේශිය ක්‍රීඩකයා වන්නේ චාමික කරුණාරත්නයි. බබාර් අසාම්ට සහ නසීම් ෂා ටත් කළඹ්ඹු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ සාමාජිකත්වය හිමිව තිබෙනවා.

දඹුල්ල අවුරා කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයින් ලෙස කුසල් මෙණ්ඩිස්,අවිශ්ක ප්‍රනාන්දු,මැතිව් හේඩ් සහ ලුන්ගි එන්ගිඩි කටයුතු කරනවා.ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයින් හැටියට නම් කර තිබෙන්නේ සකීබ් අල් හසන්,දසුන් ශානක,භානුක රාජපක්ෂ සහ ටැබ්රෙඒස් ෂම්සි යි.

එල්පීඑල් සූරතාවයට හිමිකම් කියන ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමට තිසර පෙරේරා,මහේෂ් තීක්ෂණ,රහමදුල්ලා ගුරුබාස් සහ ඩේවිඩ් මිලර් ඇතුළත්ව සිටිනවා.මුජිබර් රහ්මන්,වනිඳු හසරංග,ඇන්ජලෝ මැතිවිස් සහ ෆකාර් සමාන් මෙවර කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට ඇතුළත්ව සිටින නිත්‍ය ක්‍රීඩකයින් සිව් දෙනායි.

තරගාවලි අධ්‍යක්ෂ සමන්ත දොඩන්වල මෙම නම් කිරීම් ඉදිරියේදී යම් ආකාරයකට සංශෝධනය වී තවත් ක්‍රීඩකයින් ඇතුළත් විය හැකි ප්‍රකාශ කළ අතර විදේශ ක්‍රිඩකයින් ඇතුළත් කර ගැනීමේදී බෙහෙවින්ම සළකා බැලුවේ ඔවුන්ට තරගාවලිය පුරා එම කණ්ඩායම සමඟ රැදී සීටීමට ඇති හැකියාව බව ද පැවසුවා.

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යෝධයා අවසන් පූර්ව තරගයට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චමෝද් යෝධසිංහ වර්ථමානයේ ශ්‍රී...

හෝටල් කර්මාන්තයේ විප්ලවීය වෙනසක් ඇති කරන AI…

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): AI විසින් හෝටල්...

බලාපොරොත්තු ප්‍රතිපල නොලද හේතුව ගැන දසුන් අවබෝධයෙන් ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: “මං දකින හැටියට නම්...

‘Iguana Cantina’ දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන්මයි: Aitken Spence අලුත් වැඩක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : Aitken Spence Hotels...