ඇතැම් තොරතුරු අසත්‍යයි – සියඹලාපිටිය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  අද පාර්ලිමේන්තුවේදී වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසා සිටියේ රජයට මිතුරු ව්‍යාපාරිකයින් 10 දෙනෙකු රාජ්‍ය බැංකු වෙත ගෙවීමට ඇති ණය කපාහැරීමේ තීරණයක් ගෙන ඇති බවට පළවන වාර්තාවන් අසත්‍ය බවයි.

ඒ පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කළ වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා,

“මිතුරන් සඳහා බැංකු ණය කපාහැරීමට සිද්ධවෙනවා කියලා කතාවක් කුමාර වෙල්ගම මහතා කියලා තිබුණා මම දැක්කා. ඒක මේ වගේ වෙලාවක ආන්දෝලනාත්මක ප්‍රකාශයක්. හැම කෙනෙක්ම මේ පොලිය වැඩිකිරීම මත, ආදායම අඩුවීම මත තමන්ගේ බලාපොරොත්තු වෙච්ච ව්‍යාපාර ප්‍රසාරණය අඩුවීම මත, බැංකු ණය පැත්තෙන් යම්කිසි පීඩනයක ව්‍යාපාරිකයින් ඉන්න මොහොතක. එතුමා ප්‍රකාශ කරලා තියෙනවා මිතුරන් 10 දෙනෙකුට විශේෂ අවස්ථාවක් දෙන්න සූදානම් කියලා. ඒ නිසා මම වහාම මේ ගැන හොයා බැලුවා. ලංකා බැංකුවට කතා කළා, මහජන බැංකුවට කතා කළා. ප්‍රාදේශීය සංවර්ධන බැංකුවට කතාකළා, ඉතිරිකිරීමේ බැංකුවට කතාකළා, මහාභාණ්ඩාගාර ලේකම්වරයාට කතාකළා. මේක හරි භයානක දෙයක් නේ මෙහෙම වෙනවා නම්. එහෙම දෙයක් කතාකරලා නෑ සභාපතිතුමනි. එහෙම වැඩසටහනකුත් නෑ, එහෙම සිතුවිල්ලකුත් නෑ, එහෙම කතාබහකුත් නෑ, එහෙම තීන්දුවකුත් නෑ, මේ මේ ප්‍රධාන බැංකු දෙකෙන් ප්‍රකාශ දෙකකුත් ගෙන්නාගත්තා. සමස්ථ ගණුදෙනුකරුවන් බැංකු ණයෙන් හිරවෙලා ඉන්න මොහොතක අපි කියනවා නම් කිහිපදෙනෙකුට සහනයක් දෙන්න යනවා කියලා. ඒක මේ රටේ සියලුම බැංකු ගණුදෙනුකරුවෙකුටම මහා පීඩනයක් ගෙනදෙන කතාවක්. මම බොහොම වගකීමෙන් කියනවා අනාගතයේදීවත් එහෙම දෙයක් කරන්න අපි බලාපොරොත්තුවෙන්නේ නෑ.”

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 දී BOI නව ගමනක!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : 2026 වසරේදී,...

එළවළු මිල සීඝ්‍ර ලෙස ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : පසුගිය දා සිදු...

පව් අනිත් පිටවල්වලත් බැදීමට ප්‍රමෝදය සූදානම් වෙයි…

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ශාරිරික යෝග්‍යතාවය වැනි කරුණු...

ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම පිළිබඳ චීනයෙන් යළි දැඩි විරෝධයක්!

කොළඹ LNW:ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම...