පාස්පෝට් කන්තෝරුව ළඟ සල්ලි ගැරූ තවත් තැරැව්කරුවන් පිරිසක් අත්අඩංගුවට

Date:

බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදෙස් ගමන් බලපත්‍ර අංශයට සේවාවන් ලබාගැනීම සඳහා පැමිණෙන පුද්ගලයින්ට පෝලිම්වල නොසිට කඩිනමින් එම සේවාවන් ඉටුකර ගෙන බව පවසමින් මුදල් ලබාගත් තවත් තැරැව්කරුවන් තිදෙනෙකු ඊයේ (25) දිනයේදී පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව, ගතවූ දින කිහිපය තුළ අත් අඩංගුවට ගත් මුළු තැරැව්කරුවන් සංඛ්‍යාව 19ක් වේ.

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ අංශය අසල ඇති තදබදය සම්බන්ධයෙන් මෙන්ම මෙකී තැරැකරුවන්ගේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ද මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට පැමිණිලි ලැබී තිබුණු අතර ඒ මහතාගේ නියෝග පරිදි බුද්ධි අංශ සමග ඒකාබද්ධව මෙම තැරැව්කරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක වේ.

එමෙන්ම මෙම තැරැව්කරුවන් හා සම්බන්ධ වෙමින් කටයුතු කරන ඇතැම් නිලධාරීන් පිළිබඳවත් විමර්ශන සිදුකෙරෙන බවයි අමාත්‍ය ටිරාන් අලස් මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...

පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...

සූරියකන්ද පොලීසියේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල සූරියකන්ද පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ...

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...