අම්බලන්ගොඩ වෙඩිතැබීමක්. නියෝජ්‍ය විදුහල්පතිවරයකුට තුවාල !

Date:

අම්බලන්ගොඩ රන්දොඹේ ප්‍රදේශයේදී අද (26) උදෑසන සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

මෙසේ තුවාල ලබා ඇත්තේ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයකි.

ඔහු අද උදෑසන යතුරු පැදියකින් සේවයට යමින් සිටියදී තවත් යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව සඳහන්.

මෙම වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෙය ගතවූ පැය 12 තුළ අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිදුවූ දෙවැනි වෙඩි තැබීමයි.

ඊයේ(25) රාත්‍රියේ ද මේ ආකාරයෙන්ම වතුගෙදර ආඳාදොල ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබුණු අතර වෙඩි පහරට ඉලක්ක වූ පුද්ගලයා සිය යතුරු පැදියෙන් පැන දිවි බේරාගෙන තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල...

අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...