ඩිජිටල් උප්පැන්න සහතිකය ඉතා ඉක්මනින් නිකුත් කිරීමට සැලසුම්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඩිජිටල් උප්පැන්න සහතිකය ඉතා ඉක්මනින් නිකුත් කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බව , පුත්තලම දිස්ත්‍රික්කයේ උප්පැන්න, මරණ , විවාහ සහතික නොමැති පුද්ගලයින්ට අදාල සහතික නිකුත් කිරීමේ ජංගම සේවාව නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී ආරම්භ කිරීමේ අවස්ථාව එක්වෙමින් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවසීය.

තාක්ෂණ අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව මෙම ඩිජිටල් කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කිරීමට නියමිත අතර , විවාහ සහ මරණ සහතික ද ඩිජිටල් කිරීමටද නියමිතව ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

දීර්ඝ කාලයක් නිත්‍යානුකුල විවාහ නොවී එකට ජීවත් වූ පවුල් හතරක් නීත්‍යානුකූල විවාහ දිවියට ඇතුළත් කිරීම ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා සහ පුත්තලම දිස්ත්‍රික් ලේකම් එස්. පී හේරත්, රෙජිස්ට්‍රාර් ජෙනරාල් සමන්ත විජේසිංහ යන මහතුන් ඉදිරියේ සිදුවූ අතර , අලුත් ගමක් – අලුත් රටක් ජාතික වැඩසටහනට සමගාමීව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය සහ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව උප්පැන්න, මරණ සහ විවාහ සහතික නොමැති පුද්ගලයින්ට අදාල සහතික නිකුත් කිරීමේ ජංගම සේවාව දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ක්‍රියාත්මක කර ඇත.

ජංගම සේවාව තුළින් මෙම සහතික නිකුත් කිරීම දී කිසිදු අය කිරීමක් නොකරන බවද දන්වා ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිට්ලර්ගේ DNA අධ්‍යයනය කිරීම සාධාරණ ද? නැතිනම් එය අතහැර දැමිය යුතුව තිබුණා ද?

ඇඩොල්ෆ් හිට්ලර්ගේ රුධිරය පිළිබඳ පෙරළිකාර DNA පරීක්ෂණ මගින් එම...

අද සියලුම ප්‍රාදේශීය ලේකම්වරු කොළඹට කැඳවයි!

දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් අද (22)කොළඹ දී විශේෂ...

Nahdlatul Ulama ඉස්ලාමීය සංවිධානයෙන් එහි සභාපතිවරයාට බලපෑම්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දුනීසියාවේ විශාලතම ඉස්ලාමීය...

Sydney Lions District 201N5 සමුළුවේදී ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට ඉහළ පිළිගැනීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ LNW : සිඩ්නි සිංහ දිස්ත්‍රික්...