*
Thursday, October 3, 2024
spot_img

Latest Posts

රිටේ ගුණයෙන් රටේ නම තියන්න මිනිස්සු බෝ කරන ගුණේ ගේ තැන දකින්න යමු ද?

කටුනායකට යන අධිවේගි මාර්ගයෙන් ජා-ඇලෙන් එළියට පැමිණ පමුණුගම පැත්තට ගමන් කරන ඔබ කල්පනාවෙන් ගියොත්, කඹ මඟින් එල්ලෙන,පොලු මඟින් එල්ලෙන,ලණු මතින් පැද්දෙන අපූරු ක්‍රියාකාරකම් සහිත මිනිසුන් පිරි ගෙ’මිදුලක් දකින්නට ලැබෙනු ඇත.ඔබ මදක් එහි නැවතී තොරතුරු විමසා බලන්න.එහි වත්මන් ජාතික රිටි පැනීමේ සූරයා මෙන්ම කණිටු සූරයාද හමුවනු ඇත.ඒ දෙදෙනාම ජාතික වාර්තාවන්හි හිමිකරුවෝය.එසේම ජාතික වාර්තාලාභිණිය රිටට ලැබෙන අඩු සැළකුම් හේතුවෙන් එ’බිමෙන් පමණක් නොව රටින් ද ඈත්ව සිටින්නීය.නමුත් ඇයට පසුව සිටින්නියන්ද එහිදීම ඔබට දැක ගන්නට හැකි ඒ බිම, රිට රටේ ලෙලවන අයගේ තිඹිරිගෙය බඳුය.

මේ දත්ත සමඟ එම ගෙමිදුලට ගොඩ වුණොත්, එහි තිබෙන්නේ ජාතික රිටි පැනිමේ සංචිතය වැනි හැඟීමක් ඔබට ඇති කරනු ඇත.නමුත් එවැනි නිල පිළිගැනීමක් එයට නැතත් ඇත්ත ඊට බෙහෙවින් සමානය.රිටි පැනීම යනු කුමක්දැයි නොදන්නා කාලයේ සිටම රැහැපු පොල් අතු දෙකක් දෙපස තබා,ඒ මත කෝට්ටක් තබා පැනපු මනුස්සෙක්ට ඒ ගේ අයත්ය.ජාතික මට්ටමේ ජයග්‍රහණයක් නොලද්දේ වුව,ඔහුගේ ජීවිතයේ දැකපු ලස්සනම සිහිනය රිටි පැනීමය.නොදැන්නා කාලේ තමන් විසින්ම නිර්මාණය කරගෙන පනිමින් හිටිය සෙල්ලම ලෝකයේ ඉහළ මලල ක්‍රීඩා ඉසව්වක් බව ඔහුට දැන ගන්නට ලැබෙන්නේ සිය පාසලට මාරු වී එන ගුරුවරයාගෙන්ය.
ඔහු නමින් ඇලපාත ස්ර් විය.ස්ර්ගෙන් යම් තරමකට දැණුම ඇහිදගෙන රිටි පනින සනත්ගේ තාත්තා විදුහල්පතිවරයෙක් වුවත්, අයියා කෙනෙක්,අක්කා කෙනෙක්,සහ මල්ලිලා දෙන්නෙක් සහිත දරු කණ්ඩායමක කුස පුරවන්න තරම් වත්කමක් තාක්තාට නොමැති බව සියලු දරුවෝ හැදිණගෙන උන්හ.ඒ අතරින් ගෙදර වැඩට වැඩියෙන්ම මහන්සි වූයේ අපේ කතා නායකයා වන වර්ථමානයේ ශ්‍රී ලංකාවේ හොඳම රිටි පැනීමේ පුහුණුකරු කියන්නට ඕනෑවටත් වඩා සාධක සහිත සනත් ගුණරත්නය.

ආත්මගත පුරුද්දකට මෙන් රිටි පැනීම නොදුටුව කාලෙකත් පොල් අතු දෙකක් රැහැලා එය හරහට කෝට්ටක් තබා රිටි පැනපු සනත් ගුණරත්න අද වන විට ශ්‍රී ලංකවේ අංක එකේ රිටි පැනීමේ පුහුණුකරුය.ජාතික වාර්තා ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ අංශවල වාර්තා තුනක්ම හිමිව ඇතතේ සනත් යටතේ පුහුණුව ලබන අයටය. මෑත කාලයේ උස්බෙකිස්තානයට රිට ප්‍රවාහනය නොකිරීම නිසා කසකස්තාන ක්‍රීඩකයාගේ රිටෙන් පැන කණිෂ්ඨ ජාතික වාර්තාවක් සමඟින් ආසියානු රිදී පදක්කමක් දිනූ තුෂේන් ද, ගුණරත්න යටතේ පුහුණුව ලබන්නෙය.රිටට දක්වන කුඩම්මාගේ සැළකිලි නිසා රට හැර ගොස් අද වන විට මැද පෙරදිග දරුවෙක් බලා ගන්නා ජාතික වාර්තාව හිමි සචිනි පෙරේරාත් කාන්තා රිටි පනින්නියන් අතර දෙවන තැන සිටින්නියත් සිටින්නේ ගුණරත්න යටතේය. ජ්‍යෙෂ්ඨ පිරිමි වාර්තාවේ හිමිකරු එරංග ප්‍රනාන්දු ද සනත් යටතේම ජාතික වාර්තාව දක්වා ගමන් කළ අයෙක්ය.මේ ආකාරයට වාර්තාලාභීන්,හිටපු වාර්තාලාභීන් පොකුරක් රොද බැඳ සිටින,පළමු වරට මීටර් 5 ක් උසට ලංකාවේ රිටි පැනීම රැඟෙන ගොස් දකුණු ආසියාතික වාර්තාවක් තබා දකුණු ආසියානු රන් පදක්කමක් ද දිනන ඉෂාර සඳරුවන් ද එහි ඇත.

ඇලපාත ස්ර්ගෙන් පසුව උසස් පෙළ හදාරන්නට බලංගොඩ මධ්‍ය විද්‍යාලයට ආවට පස්සෙ රිචඩ් ස්ර් සහ පතිරණ ස්ර් කරපු වැඩ මුළුවකින් රිට ගැන බොහෝ දේ ඉගෙන ගත්තත් ගෙදරට බරට විසඳුම් සමඟ ක්‍රිඩාවෙන්ද ඉදිරියට යන්න පාරක් හොයාගෙන ගුවන් හමුදාවට එකතුවන සනත් ගුණරත්න ඒ අවස්ථාවට පෙර යුද්ධයෙන් තුවාල ලැබුවද.හිත වෙනස් කර ගන්නේ නැත.රිටම පතා ඉන්නේය.
අවසානයේ ගුවන් හමුදා මලල ක්‍රීඩා තරගවලදී රිට පැනීමට අවස්ථාවක් එකතු කර ගන්නා ගුණරත්න එම ඉසව්ව ඇතුළේ සුළු කාලයකට ගුවන් හමුදා මලල ක්‍රීඩා උළෙලේ වාර්තාව ද සිය නමට ලියා ගැනීමට සමත් වන්නේය.එතැනින් සැබෑ වාර්තාලාභියා වූ රෝහිත ප්‍රනාන්දුගේ ගුරුහරුකම් යටතේ රිටි පැනීමේ තාක්ෂණික හැදැරීම පටන් ගන්නා ගුණරත්නට වින්ග් කමාන්ඩර් ලලිත් සමරවික්‍රම පාර හදා දෙන්නේ ගුවන් හමුදා මලල ක්‍රීඩා සංචිතයට එන්නටය.

කාලයත් සමඟ තමන් පාසග් අවදියේ සිට දන්න වර්ථමානයේ ගුවන් කොමදෝරු දීපාල් මුණසිංහ පුහුණුකරුවෙක් සේ වැඩ කරන්නට ගුණරත්නට වගකීම් පවරන්නේය.ඒ වන විට රුවන් ප්‍රදීප්,සෝමේ අයියා,පර්සි ලෙස නම් පෙළ දිගු වූ ඔහුට රිට ගැන ලැබුණ ගුරුහරුකම් සහිතව දැණුම වර්ධනය කරගෙන සිටියත් ගුණරත්නට පුහුණු කිරීමේ වගකීම අභියෝගයක් විය.ඒ අනුව ප්‍රසන්න පෙරේරා ගේ උඵකාරයෙන් ෂෙඩූල්ස් ලියාගෙන පුහුණු කිරීම් අරඹන ගුණරත්න ඉතාම ටික කාලයකදී තනිව තීරණ ගත හැකි පුහුණුකරුවෙක් ගේ තැනට මෙහෙයවන්නට ප්‍රසන්න පෙරේරාට හැකි වන්නේය.

දැන් අපි මුලට යමු.රටට රිටෙන් වැඩ පෙන්නන මිනිස්සු තනන මේ අපූරු මනුස්සයා ඒ වෙනුවෙන් වෙන මහන්සියේ ප්‍රතිපල ලෙස ලංකාවට ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ආවද,එම ඉසව්ව හෝ බලධාරීන් පිළිගන්නේ නැත.අවස්ථා නැත.තේරීමේ තරගයකට ඉදිරිපත් කරන්නටත් වෙනම ඉල්ලීම් ඉදිරිපත් කළ යුතුය.උදාහරණයකට ආසියානු රිදී පදක්කම දිනූ ක්‍රීඩකයා ද එම තේරීම් තරගය ඉල්ලා තනිව පැන තරගාවලියට යාම සඳහා සුදුසුකම් ලබා ගත් බව බොහෝ දෙනෙක් නොදන්නේය.

ක්‍රීඩා ඉසව්වක් වෙනුවෙන් එළවළු පැලයක්,මිරිස් පැලයක් හිටවා ගන්න තියෙන පර්චස් 30 ක බිම ක්‍රීඩාව වෙනුවෙන් ලබා දී වැඩ කරන ගුණරත්නගෙන තවමත් පෙනෙන්නේ කුඩා කාලයේ නිර්මාණශීලී මිනිසාය.පළමුව ඉසව්ව නොදැන, නොදැක සිටියදීත් ඔහු පොල් අතු රැහැගෙන ඊට කෝටු තබා රිටක් වැනි ලීයක් ගෙන උඩින් පැන්නේය.පස්සෙ ඇලපාත ස්ර්ගෙ සම්ප්‍රාප්තියෙන් පසුව උණ රිට අඟට ලිස්සා යාම වැළක්වීමට සැමන් ටින් එකක් බස්සා ගෙන රිටි පැන ජාතික තරගවලට ද ආවේය.

දැන් මේ මනුස්සයා ලෝකයේ රිටි පැනීමේ පුහුණු තාක්ෂණය අනුව උපකරණ ගන්නට වත්කමක් නැති තැන,කඹ කැබලි,ලී කැබලි,ටයර් ආදි ආදේශක ගෙන ක්‍රීඩකයින් පුහුණු කරවා ජාතික වාර්තා තබවයි.ජාත්‍යන්තර පදක්කම් දිනා දෙයි.ඔබට හිතෙනවනම් මේ ජාතික කර්තවයට යම් දායාදයක් දෙන්න,දවසක ගුණරත්න හම්බවෙලා ඒ ගෙදර දින පතා ඉදෙන පත බත් මුට්ටියට හෝ දායක වෙලා මේ ක්‍රීඩක ක්‍රීඩිකාවො එක්ක ගත කරලා එන්න.මේ පුහුණු බිමට පසුපසින් වෙරළට පැමිණ,පුහුණුවන කෙල්ලන්ගෙ කොල්ලන්ගෙ ජිම්නාස්ටික් පිමිවල රහ බලලා එන්න ඒක වැදගත් වෙයි.හිතෙනවනම් ගුණරත්නට කතා කරන්න.උදව්වක් කරන්නම නෙමෙයි පුළුවන්නම් මේ මනුස්සයව බලලා එන්න යන්න.ඒ ඉන්න කොල්ලන් කෙල්ලන් එක්ක රටේ රිට ගොඩ දාන්න තමන්ගේ පෞද්ගලිකත්වය කැප කරන මේ මනුස්සයගෙ සමාගමයෙ රැදිලා එන්න යන්න.

අපි පාර පෙන්නන්නම්.අපිට කතා කරන්න.ඉහළ නිලධාරීන්ට වගේ වගක් නැති වුණාට මේ විදිහට කැපවෙන මිනිස්සු ඉන්නවා.ක්‍රීඩාවට ආදරය කරන ඒ අය රට වෙනුවෙන් රැක ගන්න වචනයක දිරියක් වුණත් ඇති.අපි එහෙම මිනිස්සුන්ට ආදරය කරන පොළවක් සඳහා අවශ්‍ය අදහස් ක්‍රීඩාව වෙනුවෙන් වවමු, බෝ කරමු.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan